Thursday, May 7, 2026
26.6 C
Sri Lanka

ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න හැමෝටම සුවිශේෂි ආරංචියක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය එකට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළැඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙමගින් ගුවන් මගීන්ට ශ්‍රීලන්කන් ගුවන් සේවය හරහා වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල ආසන වෙන්කරවාගැනීමට අවස්ථාව හිමිවෙයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට කොළඹ සිට මෙල්බන් දක්වා දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, කොළඹ සහ සිඩ්නි අතර සතියකට ගමන් වාර තුනක් ක්‍රියාත්මක කරයි.

මෙම නව හවුල්කාරීත්වය නිසා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලින් මෙල්බන් හෝ සිඩ්නි වෙත ගමන් කරන මගීන්ට එම නගරවල සිට වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා, කෙයාන්ස්, ඩාවින්, හෝබාර්ට්, හැමිල්ටන් අයිලන්ඩ්, ලෝන්සෙස්ටන්, ගෝල්ඩ් කෝස්ට් සහ පර්ත් යන නගර වෙත ගමන් කිරීමේ හැකියාව ලැබේ.

මීට අමතරව නවසීලන්තය, සැමෝවා සහ ෆීජි යන රටවල් වෙතද ගමන් කළ හැකිය.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ඔස්ට්‍රේලියාවේ නගර රැසක් වෙත ගමන් කිරීමට හැකි වීම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ගුවන් මගීන්ට ඉමහත් පහසුවක් වෙයි.

මේ යටතේ මගීන් check-in වීම සහ ගමන් මලු භාරදීම සිදුකළ යුත්තේ තමන් පිටත් වන ගුවන් තොටුපළේදී පමණක් වන නිසා අතරමැදි ගුවන් තොටුපළවලදී යළි check-in පෝලිම්වල රැඳී සිටීම අවශ්‍ය නොවේ.

ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ටද ඉමහත් පහසුවක් වනු ඇත.

මෙම සංචාරකයන් ශ්‍රීලංකන් ගුවන් සේවයට අතිශයින් වැදගත් පාරිභෝගික කාණ්ඩයක් වන අතර, මෙය ඔස්ට්‍රේලියානු සංචාරකයන් මෙරටට පැමිණීමේ වර්ධනයක් සිදුවීමටද හේතුවක් වනු ඇති.

එමෙන්ම මාලදිවයින, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල සිට ශ්‍රී ලංකාව හරහා ඔස්ට්‍රේලියාව බලා ගමන් කරන මගීන්ටද මෙය ඉමහත් පහසුවක් වනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙල්බන් බලා පියාසර කිරීම නැවත ආරම්භ කළ අතර, 2020 වසරේ ජූනි මාසයේදී සිඩ්නි නගරය වෙත පියාසර කිරීම නැවත ආරම්භ කළේ ය.

එම කාලයේ සිට මේ දක්වා මගීන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රීලංකන් ගුවන් යානාවලින් ඔස්ට්‍රේලියාව බලා ගමන් කර තිබේ. මෙම හවුල්කාරීත්වය, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඔස්ට්‍රේලියානු මෙහෙයුම් තවදුරටත් වැඩිදියුණු කිරීමට හා පුළුල් කිරීමට උපකාරී වනු ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා,

“ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඔවුන් තම මිතුරන් හා ඥාතීන් බැලීමට නිතර දෙරට අතර ගමන් කරනවා. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාව බලා යනවා. මෙම හවුල්කාරීත්වය මගින් අපට ඔස්ට්‍රේලියාවේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින්, ඔවුන් ඇතුළුව අපගේ සේවාවන් භාවිතා කරන සියලුම දෙනාට වඩාත් හොඳ සේවාවක් සමග ප්‍රතිලාභ රැසක් ලබාදීමට හැකියාව ලැබේවි.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img