Thursday, May 7, 2026
28.1 C
Sri Lanka

දිය යට සිටීමේ තරගයකට සහභාගී වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට.

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ දිය පිරි වළක ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පාදුක්ක පොලීසිය පවසයි.

ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් මත්පැන් සාදයක් පවත්වා අදාළ දිය වළෙහි ස්නානය සඳහා පැමිණ ඇති අතර එහි ස්නානය කරමින් සිටින අතරතුර හුස්ම අල්ලාගෙන වැඩිම වේලාවක් දිය යට සිටින පුද්ගලයා තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීමට කටයුතු කර ඇත.

එම තරගය අතරතුර හුස්ම අල්ලා ගෙන දියයට ට ගිය එක් අයෙකු විශාල කාලයක් ගොඩට නොපැමිණීම හේතුවෙන් සොයා බලා තිබේ.

එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ සෙසු පිරිස අදාළ පුද්ගලයාව ගොඩට ගෙන පාදුක්ක දිසා රෝහල වෙත ඇතුළත් කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පාදුක්ක හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය නන්දසේන පන්නිපිටිය මහතා විසින් සිදුකිරීමට නියමිතය.

පාදුක්ක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

මේ අතර ජා ඇළ යක්කඩුව ප්‍රදේශයේ ජලයෙන් යටවී තිබු වෙල්යායකට වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අධික වැසි හේතුවෙන් වෙල්යාය සහ මාර්ගය ජලයෙන් යටවී ඇති අවස්ථාවක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අදාළ පුද්ගලයා වෙල් යායට වැටී දියේ ගිලි මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව, බතලගොඩ වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ එලෙස අතුරුදන්ව ඇත්තේ, අවුරුදු 52ක් වූ තුඩුවාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

නාවික හමුදාවේ සහාය ඇතිව ගොකරැල්ල පොලීසිය දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා වැඩිදුර විමර්ශන සිදුකරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img