Wednesday, May 6, 2026
20.9 C
Sri Lanka

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල තවත් පැල්මක්

නායයෑමෙන් අවහිරවූ දක්ෂිණ අධිවේගී මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ.

කෙසේවෙතත් තවත් පැල්මක් නිරීක්ෂණය වී ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසීය.

අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා,

“තව පැල්මක් තිබෙනවා.. ඒ කියන්නේ තව අවදානමක්. ඒකත් එන්න පුළුවන්. ඒ තත්ත්වයත් බලලා තමයි ඉදිරියේදී මාර්ග කොටස විවෘත කරන්න කටයුතු කරන්නේ.”

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සිදුකරන පරීක්ෂාවෙන් පසු ලබාදෙන නිර්දේශ මත ගමනාගමන කටයුතු සඳහා මාර්ගය විවෘත කරන බවය.

පසුගියදා ඇදහැලුනු අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ පෙරේදා රාත්‍රියේ නායයෑමක් සිදුවුණි.

ඒ, මාතර සිට කොළඹ දෙසට රථවාහන ධාවනය වන මංතීරුවට ඉහළින් පිහිටි පස් කන්දය.

පස්කන්ද කඩාවැටීමෙන් මංතීරු හතරම සම්පූර්ණයෙන් අවහිර වූ අතර, ඉමදූව සිට පින්නදූව දක්වා ගමනාගාමනය සම්පූර්ණයෙන් නවතා දැමුණි.

ඒ අනුව මේ වනවිට අදාළ මාර්ග කොටස ජලය යොදා පිරිසිදු කරමින් පවතී.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img