Wednesday, May 6, 2026
29.7 C
Sri Lanka

අලුතින්ම තැනූ ජනපති මන්දිරය බදු දෙයි.

2010-2015 පැවැති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇත.

මෙම තීරණයට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීයි.

කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර ඉන් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත. ඉතිරි අක්කර 17ක භූමි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12 ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කර තිබෙනවා.

මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 95 කට ආසන්න මුදලක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනතාවගෙන් පවරා ගනු ලැබූ අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාළ බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img