Tuesday, May 5, 2026
22.8 C
Sri Lanka

දකුණේ රෝහල්වල නොමිලේ පරීක්ෂණවලට සීමා.

රසායනාගාර වියදම් කළමනාකරණය කිරීම සඳහා රෝහල්හි නොමිලයේ සිදුකළ ඇතැම් පරීක්ෂණ සීමා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග දකුණු පළාතේ රෝහල් අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත.

දකුණු පළාතට අයත් උඩුගම, ඇල්පිටිය, බලපිටිය, දෙණියාය, කඹුරුපිටිය, තිස්සමහාරාම, තංගල්ල හා වලස්මුල්ල යන මූලික රෝහල්වලට මේ බව දන්වා යවා ඇත.

බාහිර රෝගී අංශය මගින් ලිපිඩ පරීක්ෂණ (Lipid Profile) සහ අක්මාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ පරීක්ෂණ (Liver Function Test) ආදියේ ඇණවුම් නතර කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස දන්වා ඇත. එම පරීක්ෂණ සායන මගින් හා නේවාසික රෝගීන් සඳහා පමණක් සිදුකිරීමටද උපදෙස් දී ඇත.

වාට්ටු සහ හදිසි සත්කාර ඒකකයට (ETU) මගින් අතුළත් වන රෝගීන්ට ලබා දෙන පොදු පරීක්ෂණ ලැයිස්තුවේ අඩංගු FBC, CRP, RFT, LFT පරීක්ෂණ වෙනුවට රෝගියාට අදාළ පරීක්ෂණ පමණක් ඇණවුම් කිරීම සඳහා එම ඒකකවල වෛද්‍යවරුන්ට සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද දන්වා ඇත. අත්‍යවශ්‍ය හදිසි රෝගියකු සඳහා හැරුණු විට රාත්‍රි කාලයේ ලැබෙන එක් එක් සාම්පලය සඳහා වරින් වර Bio Chemistry Analyzer වැනි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම වෙනුවට රාත්‍රි කාලයට වාර දෙකක් හෝ අවම ප්‍රමාණයක් පමණක් ඒවා භාවිත කරන ලෙසටද උපදෙස් දී තිබේ. මේවා ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු පත්කරන්නැයිද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දන්වා තිබිණි.

රසායනාගාර වියදම් කළමනාකරණය කිරීමේ අරමුණින් රසායනාගාර සඳහා ප්‍රතික්‍රියාකාරක මිලදී ගැනීමට අති විශාල මුදලක් වැයවී ඇතැයි අනාවරණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img