Tuesday, May 5, 2026
24 C
Sri Lanka

තෙල් මිල ,විදුලි බිල වැඩි වෙද්දී ගෑස් මිලත් නගී..?

ආර්ථික උද්ධමනය නිසා අපේ රටේ භාණ්ඩ සහ සේවා වල මිල නොසිතූ විරූ අයුරින් ඉහළ ගිය ආකාරය ඔබට මතක ඇති. යම් තරමකින් හෝ රටේ පාරිභෝගික ජනතාවට සහනයක් ලැබෙමින් පවතින මොහොතක අද දිනයේ සිදුවූ විදුලි මිලේ සංශෝධනය සාමාන්‍ය ජනතාවට එල්ල වූ මරු පහරක් බවට පත් වුනා. විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ස්ථාවර ගාස්තු වැඩිකිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දීමත් සමග 18% කින් විදුලි බිල ඉහල දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය අද දිනයේ කටයුතු කලා.  මීට පෙර මෙම වසරේදීම විදුලි බිල 66% කින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කල අතර ඔවුන් මේ 18% ක ප්‍රමාණයකින් වැඩි කලේ එකම වසරක් තුල සිදු කල දෙවන මිල වැඩි කිරීම ලෙසයි.

ඒවගේම මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබෙන ඊශ්‍රායල පලස්තීන යුධ ගැටුම් පිළීබදව ඔබ දැනටමත් දන්නවා ඇති. හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කල අමානුෂීය ප්‍රහාරය සමග ආරම්භ වූ මෙම යුධ ගැටුම් මේ වන විට මැද පෙරදිග රටවල් සියල්ලම උණුසුම් කරන්නට සමත් වී අවසානයි. ඊයේ දිනයේ ත්‍රස්ත සංවිධානයක් ඉලක්ක කරමින් ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙතත් ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කලා. කෙසේ වෙතත් මේ සමගින් බොහොමයක් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම යුද්ධය මැද පෙරදිග රටවල් වල ව්‍යාප්ත වීමට ඉඩ කඩක් පවතින බවයි. ලෝකයේ බොරතෙල් නිෂ්පාදනය විශාල වශයෙන් සිදු වන්නේ මැද පෙරදිග රටවල් ආශ්‍රිතවයි. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ තව දුරටත් මෙම යුධ ගැටුම් දිගින් දිගටම ව්‍යාප්ත වුවහොත් නුදුරේදීම බොරතෙල් බැරලයක මිල ඩොලර් සියය ඉක්මවා යනු ඇති බවටයි.

මේ ආකාරයට දෙස් විදෙස් බලපෑම් නිසා විශාල වශයෙන් විදුලි බිල සහ ඉන්ධන මිල ඉහල යද්දී එල් පි ගැස් මිලත් මීට සමගාමීව යම් තරමක් දුරට හෝ ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ලෝක බොරතෙල් මිලේ ඉහළ යාම එල් පී ගෑස් නිෂ්පාදනය්ට සෘජුවම බලපෑම් එල්ල කරන නිසා එහි මිල ඉහල යාම නොවැලැක්විය හැකි තත්වයක් බවට පත් වී අවසන්. කෙසේ වෙතත් මෙම වසර පුරාම ගෑස් මිලේ ක්‍රමික අඩු වීමක් සිදු වූ අතර එයට සමගාමීව මිලෙහි වැඩි වීමක් සිදු වුනේ 2023 ඔක්තෝම්බර් මාසයේ පමණයි.

කෙසේ වෙතත් නුදුරු අනාගතයේදී ලෝක බොරතෙල් මිලේ වැඩි වීමත් සමග ගෑස් මිලේ වැඩි වීමක්ද අපිට අපේක්ෂා කරන්නට සිදු වෙනවා. ලංකාවේ LPගෑස් සපයන ප්‍රමුඛ ආයතනය වන ලිට්රෝ ගෑස් සමාගම මිල සූත්‍රය අනුව යමින් හැකි උපරිම සහනය ජනතාවට ලබා දෙන නිසා යම් කිසි පාලනයක් සහිතව මිල ගණන් වල වැඩි වීමක් සිදු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් මත පල කරනවා .

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img