Monday, February 2, 2026
20.6 C
Sri Lanka

තහනමෙන් පසු වාහන 6900ක් ආනයනය කරලා.

ඉකුත් 2020 වසරේ ජුනි මාසයේදී ආනයන තහනම පැනවීමෙන් පසුවද මේ දක්වා වූ කාලයම තුළදී වාහන 6969ක් ආනයනය කර ඇතැයි රේගුව සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් 2020 වස​රේ සිට මේ දක්වා වූ කාලයේදී මෝටර් කාර් සහ අමතර වාහන 3809ක්ද, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ලොරි, ට්‍රක් ආදී වාහන 2971ක්ද, ගිලන් රථ ඇතුළු විශේෂිත වාහන 189ක්ද ආනයනය කර තිබේ.

මෙම වාහනවලින් වැඩිම ප්‍රමාණයක් එනම් වාහන 4348 ක් ආනයනය කර ඇත්තේ රටේ ආර්ථික අර්බුදය සහ ඩොලර් අර්බුදය උග්‍ර තත්ත්වයක පැවැති 2021 වසරේදීය. එම වසරේදී මෝටර් කාර් සහ වෙනත් වාහන 2409ක් ආනයනය කර ඇතැයි රේගු සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

මෙම වාහන සියල්ල ආනයනය කර ඇත්තේ නීත්‍යනුකූල අයුරින් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසුවේය. හොර රහසේ වාහන ආනයනය කර ඇත්නම් ඒ සම්බන්ධව රේගුවට තොරතුරු සපයන අයවලුන්ට අදාළ භාණ්ඩ වටිනාකමින් තුනෙන් එකක මුදලක් ගෙවන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

වාහන ආනයනය නිසා ඉකුත් 2018 වස​රේදී රේගුව රුයියල් බිලියන 187ක බදු ආදායමක් උපයා තිබෙන බවත් එම වසරේ රේගුවේ සමස්ථ ආදායමෙන් සියයට 23ක් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නමුත් වාහන ආනයන තහනම නිසා මේ වසරේ රේගුවේ සමස්ථ ආදායමෙන් වාහන බදු ලෙස උපයා ඇත්තේ සියයට 1.5ක් බවද රේගුව කියයි.

aruna.lk – සාලිය කුමාර ගුණසේකර

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img