Monday, February 2, 2026
20.6 C
Sri Lanka

නියමිත පැය 8ක වෙනුවට පැය 12ක සේවා කාලයක්. අලුත් පනතක් සමගින් යෝජනාවක්.

සේවා නියුක්තිකයකුට අතිකාල දීමනාවලින් තොරව ආහාර විවේකය ඇතුළුව දිනකට පැය 12ක් සේවය කළ යුතු බවට නව සේවා නියුක්ති පනත මගින් යෝජනා කර තිබේ.

මෙමගින් පැය අටක වැඩ දිනය අහෝසි වන අතර පැය අටක සේවා කාලයෙන් පසුව සේවයේ යොදවා ගන්නා සේවා නියුක්තිකයාට හිමි අතිකාල දීමනාවන්ද අහිමි කිරීමට යෝජනා කර තිබේ.

එම තත්ත්වය ලෝක කම්කරු නීතිවලට පටහැනි බවට නිරීක්ෂණය වීම නිසා නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා වන කමිටුව මගින් සේවා අවශ්‍යතාව මත දිනකට පැය 08කට වඩා සේවයේ යොදවන සේවා නියුක්තිකයෙකු හට නියමිත පැය 8ක ​කාලයෙන් පසු වැඩ කරන සෑම පැයක් සඳහාම නියමිත පරිදි අතිකාල ගෙවීම අනිවාර්ය කළ යුතු බවට නිර්දේශ කර තිබේ.

සතියකට පැය 45ක් වැඩ කරන සේවකයකුට දින 1 1/2ක වැටුප් සහිත නිවාඩුව ලබාදීමට අදාළ ප්‍රතිපාදන ද ලබා දිය යුතු බවට නව පනත මගින් නිර්දේශ කර තිබෙන අතර සේවකයාට ලබා දී ඇති අසනීප නිවාඩු තවදුරටත් එලෙසම ලබා දිය යුතු බවටද පනත මගින් නිර්දේශ කර තිබේ.

නව වෘත්තිය සමිතියක් පිහිටුවීමේදී සාමාජිකයන් 07 දෙනකුගෙන් සමන්විතව එය පිහිටුවීමට තිබූ අවකාශය මෙම නව පනත මගින් සාමාජිකයන් 100 දක්වා වැඩි කළ යුතු බවටද යෝජනා කර තිබේ.

මේ අතර සේවා නියුක්තිකයෙකුගේ විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 55ක් විය යුතු බවට නව සේවා නියුක්ති පනත මගින් යෝජනා කර තිබේ.

වයස අවුරුදු 60 දක්වා සේවයේ නිරත වීමට සේවා යෝජකයින් සමග දැනටමත් සේවා ගිවිසුම්වලට එළඹී සේවා නියුක්තිකයන්ට එම ප්‍රතිපාදනය අදාළ නොවිය යුතු බවටද නව සේවා නියුක්ති පනත මගින් නිර්දේශ කර තිබේ.

එමෙන්ම සේවා යෝජකයාගේ හා සේවා නියුක්තිකයන්ගේ කැමැත්ත මත වෘත්තිය ස්වභාවය මත හා සේවානියුක්තිකයන්ගේ උපයෝගීතාවයේ අවශ්‍යතාව මත හා සේවකයාගේ කාර්යක්ෂමතාවය මත සේවා ගිවිසුම ප්‍රකාරව විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා දීර්ඝ කිරීමට ඉඩ සලසන ලෙසටද නව සේවා නියුක්ති පනත මගින් වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

වර්තමානයට ගැළපෙන ප්‍රතිපාදන සහිතව නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම පිළිබඳව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි.

එම පනත සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විෂය භාර ඇමැති මනුෂ නානායක්කාරගේ සහභාගිත්වයෙන් ඉකුත් දා පැවැති අතර ඒ සඳහා දිවයිනේ ප්‍රධානතම වෘත්තිය සමිතිවල ප්‍රධානීන් මෙන්ම හාම් පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන්ද සහභාගි වී සිටියහ.

එම සාකච්ඡාවලට අනුව සකස් කරන ලද නිර්දේශ ඇතුළත් නව සේවා නියුක්ති පනත් කෙටුම්පතට අදාළ යෝජනා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීම සඳහා වන පත්‍රිකාවක් අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලය වෙතද යොමු කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img