Monday, February 2, 2026
22.3 C
Sri Lanka

මව් කිරි ගැන පුදුම හිතෙන හෙළිදරව්වක්..!

පොලිතින් ප්ලාස්ටික් භාවිතය ඉහළ ගොස් තිබෙන හෙයින් මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදී සොයාගෙන ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ පැවසීය.

මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ ගාල්ලේ පසුගිය දා පැවැති අන්තර් පාසල් නිල් සාගර නියමු බලකා වැඩ සටහනේ දෙවැනි වැඩ මුළුවේදීය.

වෙරළ තීරය ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මෙම වැඩමුළුවට ගාල්ලේ පාසල් 24ක සිසු සිසුවියෝ 300ක් පමණ සහභාගි වූහ.

එහිදී ඒ ඔහුමෙසේද කීය.”මේ ප්ලාස්ටික් දිරාපත්වීමට වසර දෙසීය පණහක් තුන්සීයක් විතර යනවා.නමුත් අද මේවා ජන ජීවිතයේ මෙවලමක් බවට පත්ව තිබෙන නිසා නිෂ්පාදනයද වැඩිවෙලා.නමසිය පණහ දශකයේ පටන්ගත් පොලිතින් නිෂ්පාදනය අද වනවිට සිඝ්‍ර ලෙස වර්ධනය වෙලා.පහසුවටත් ලේසියටත් මේවා ගන්නවා. නමුත් මේවායින් ඇතිවන අහිතකර බලපැම වැඩියි.සමහරවිට සොයා ගැනීමට බැරි ලෙඩ රෝග පවා ඇතිවීමට පුළුවන්.මේවා ජල ප්‍රවාහවලට එකතු වෙනවා.එයට අමතරව බැටරි කෑලි රේසර් වැනි බැර ලෝහවල තිබෙන රසායනික ද්‍රව්‍යද විශාල ලෙස ජල ධාරාවන්ට එක්ව මුහුදට ගලා යනවා.එවිට ඒවා කුඩා අංශුවලට කැඩී මුහුදු ජීවින්ටද බලපානවා.මාළුන්ට ශරීරගත වෙනවා.අපි ඒ මාළු ආහාරයට ගන්නවා.ඒ වගේම පිට රටවලිනුත් මේවා අපේ සාගරයට පාවී එනවා.චීනය, බංග්ලාදේශය, මියනමාරය,ඉන්දුනීසියාව ආදි රටවලින් එසේ පාවී එනවා.ෆයිබර් ග්ලාස් බෝට්ටුත් භයානකයි.

අප නොදැනුවත්වම මයික්‍රො ප්ලාස්ටික් ශරීර ගත වෙනවා. අම්බලන්ගොඩ සිට තංගල්ල දක්වා මුහුදු තීරයේ මුහුදු වැලි සහ ජලය රැගෙන ඒවායේ මයික්‍රො ප්ලාස්ටික් තිබේද යන්න බැලුවා.ඒ සෑම එකකම මයික්‍රො ප්ලාස්ටික් තිබුණා.එයිනුත් විශේෂයෙන්ම රත්ගම හික්කඩුව වැලිගම දෙවිනුවර ආදි ධීවර සහ සංචාරක ප්‍රදේශවල වැඩියි.ඉතාලියේ මව්වරුන් තිස් පස්දෙනෙක් තෝරාගෙන කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ මව්වරුන් විසි පස් දෙනෙකුගේම කිරිවල මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවයි. මේ මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයේ තිබෙනවා. හුස්ම ගන්නාවිට පෙණහලුවල තැන්පත්වීමට පුළුවන්.ඒ වගේම ඇඟේ ගාන සමහර රුපලාවණ්‍ය ආලේපනවලත් තිබෙන්නට පුළුවන්.මේවාට නිසි කසළ කළමනාකරණ ක්‍රමයක් තිබිය යුතුයි. අනෙක් කාරණය පොලිතින් ප්ලාස්ටික් වගේම ඇලුමිනියම්ද අහිතකරයි. ඒනිසා හැකි සෑම අවස්ථාවකම පොලිතින් ප්ලාස්ටික් අඩුවෙන් පාවිච්චි කරන්න”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img