Monday, February 2, 2026
24.9 C
Sri Lanka

දුම්රිය – ලංගම අනතුරුවලින් මියයන අයට ලක්ෂ 5ක වන්දියක්.

දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහ දක්වා ඉහළ දමා ඇත.

ඒ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවය.

පසුගිය සැප්තැම්බර් 11 වැනිදා දුම්රියෙන් ඇද වැටි තරුණයකු ජීවිතක්ෂයට පත්වීම සහ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී පසුගිය 06 වැනිදා ලංගම බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් පස්දෙනකු මියයෑමේ සිද්ධීන් දෙක පාදක කර ගනිමින් මෙම යෝජනාව සිදු කර තිබේ.

මීට පෙර එවැනි සිද්ධියකදී මරණයට පත් වන පුද්ගලයින් වෙනුවෙන් ලබාදුන්නේ රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වන්දි මුදලකි.

එහෙත් පසුගිය සැප්තැම්බර් 11 වැනිදා දුම්රියෙන් ඇද වැටි මියගිය තරුණයා වෙනුවෙන් එම පවුලේ උදවියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් සහ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසල පසුගිය 06 වැනිදා ලංගම බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් පස්දෙනා වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහසක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව පසුගියදා ලබා දුන්නේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img