Sunday, February 1, 2026
26.1 C
Sri Lanka

පාසල් සංවර්ධන සමිති ගාස්තු ඉහළට.

වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු සියයට පනහකින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්‍රධානීහු පවසති.

වාර විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පළාත් සභාවලින් මුදල් වැය කිරීම් මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙන හෙයින් එම මුදල් දෙමාපියන්ගෙන් අය කෙරේ.

එමෙන්ම විදුලි ගාස්තු ඉහළ යාම නිසා පාසල්වලට දැරීමට සිදුවන අසීමිත මුදලද දෙමව්පියන් මත පැටවීම හැර වෙනත් විකල්පයක් නැතැයිද ඔවුහු කියති. මීට අමතරව ඉන්ධන ද ඇතුළු ඉහළ ගොස් තිබෙන වියදම් අනුව පාසල්වල ක්‍රීඩා සහ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු අමතර මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවද පවසන පාසල් ප්‍රධානීහු ඒ සියලු වියදම් ඇතුළත් කිරීමට සිදුව ඇත්තේ පාසල් සංවර්ධන සමිති ගාස්තුවට යැයි සඳහන් කරති.

ඉහළ යන ජීවන වියදම් මත සේවා ගාස්තු වැඩි කිරීමකින් තොරව පාසල්වල ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාමට ද නොහැකි බවත් ඔවුහු පවසති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඇති කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් රුපියල් තුන්දහස් පන්සියයක්ව පැවැති පාසල් සංවර්ධන සමිති ගාස්තුව රුපියල් පන්දහස දක්වා වැඩි කිරීමට පියවරගෙන තිබේ. මෙලෙස ගාස්තු ඉහළ යැවීම සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තට විරෝධයද පළ කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img