Saturday, January 31, 2026
22.1 C
Sri Lanka

පාසල් යද්දී ක්ලාන්ත වී වැටුනු සිසුවා අවසන් ගමනේ.

කොබවක ගෝවින්න ප්‍රදේශයේ පාසල් සිසුවකු අද (09) උදෑසන පාසලට යද්දී නිවස අසල මාර්ගයේ ඇද වැටීමෙන් හොරණ රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිස් වසමෙි ඡනපද පාර, කොබවක, ගොවින්න ලිපිනයේ පදිංචි 12 හැවිරිදි සිසුවෙකි.

නිවසේ සිට එම සිසුවාට පාසැල් යාමට බස් රථයක් ලබා ගැනීමට කිලෝමීටරයක පමණ දුරක් ගමන් කළ යුතුව ඇති අතර අද උදෑසන එම දරුවාගේ පියා නිවසේ නොසිටීම හේතුවෙන් පාසැල් යාමට නිවසේ සිට පාගමනින් ගොස් ඇති අතර මාර්ගයේ මිටර් 500 ක් පමණ ගමන් කරන විටදි කලන්තයක් සෑදි මාර්ගයේ ඇද වැටීමෙන් පසු කඩිනමින් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර තිබේ. 

පසුව⁣ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවා මියගොස් ඇති බවට හොරණ රෝහල් පොලිසිය මගින් බුලත්සිංහල පොලිසිය වෙත දැනුම් දී තිබේ.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ ගේ උපදෙස් මත වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගුණසේකර ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන අතර දරුවා මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද හොරණ දිස්ත්‍රික් රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත .

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img