Saturday, January 31, 2026
22.1 C
Sri Lanka

රු 20,000 මාසික දීමනාව පෞද්ගලික අංශයටත් ඉල්ලයි.

මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රු.20,000ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින් පවසයි.

අන්තර් සේවක සංගමයේ සභාපති, වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, එවැනි දීමනාවක් ලබානොදෙන්නේ නම් ඒ වෙනුවෙන් රජයට බලපෑම් කිරීමට සිදුවන බවය.

“අමතක නොකර මේ ඉල්ලීමට කන්දෙන්න. එහෙම නොවුණොත් අපි 13 පාර්ලිමේන්තුව ඉදිරිපිටට එනවා. රටේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ කටයුතු කරනවා.”

මේ අතර ලංකා වැවිලි සේවා සංගමයේ, සමස්ත ලංකා නියෝජ්‍ය සභාපති එස්.චන්දිරන් මහතා පවසා සිටියේ, ලංකාවේ අසරණම තත්ත්වයට පත්ව ඇත්තේ වතු කම්කරුවන් බවය.

අවම වශයෙන් රු 2000ක දීමනාවක් ලබාදීමට හෝ කටයුතු කරන මෙන් ඒ මහතා රජයෙන් ඉල්ලා සිටී.

මේ අතර රුපියල් 20,000ක දීමනාව ලබාගැනීම වෙනුවෙන් අරඹා ඇති වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී වෘත්තිය සමිති එකමුතුව විසින් අද (10) සිදුකරනු ලැබීය.

මේ අතර වෘත්තිකයින්ගේ ඉවසීම නිවටකමක් ලෙස නොසලකා අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට රජය පියවරගත යුතු බව වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

ඒ එම සංගමය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් අතර පැවැති හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ මුදල් අමාත්‍යාංශ ලේකම් අතර හමුවක් ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img