Saturday, January 31, 2026
21.5 C
Sri Lanka

දැන් නම් වැඩේ වරදින්නයි යන්නේ. ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.

ඒ, අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර වීදුරුවක්වත් බොන්නේ නැහැ. ඒ තරම් මගේ ජීවිතය ගැන අවධානමක් තියෙනවා. රටේ හැම ආයතනයක්ම අල්ලගෙන ඉවරයි. ජාත්‍යන්තරයත් අල්ලගෙන නේ ඉන්නේ. එයාලා කවුද කියලා මගෙන් අහන්න එපා. මම කියන්නේ නැහැ. පුළුවන් නම් රොෂාන් රණසිංහට වහ දීලා මරයි.”

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට පනවා ඇති අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බවත් , අධිකරණ තීන්දුව කුමක් වූවත් එය පිළිගන්නා බවත්  ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

අතුරු කමිටුවට අධිකරණය අවසර ලබා දෙන්නේ නම් අර්ජුන රණතුංග මහතාට ඉදිරි වැඩපිළිවෙල සිදු කිරීමට අවශ්‍ය සහාය දෙන බවද ,

තමන් සතු බලතල යටතේ මෙරට ඇති සියලු ක්‍රිකට් සංගම් විසිරුවා හැරීමට කටයුතු කළ හැකි බව ද ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ද්වේශ සහගත ලෙස මෙරට ක්‍රිකට් තහනම් කර ඇති බවටයි, එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.

ක්‍රිකට් කවුන්සිලය විසින් ගෙන එනු ලබන චෝදනාවලට පිළිතුරු ලබා දීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු දේශපාලන අත පෙවීමක් සිදු කර නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් එම ආයතනය සමඟ සාකච්ඡා කරන බවත් , ඉන් නිසි ප්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් ජාත්‍යන්තර ක්‍රීඩා අධිකරණයට යොමු වන බව ද රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තාවකාලික තහනම ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවත් , කුමන චෝදනාවක් පදනම් කරගෙන ද මෙම අත්හිටුවීම සිදු කර ඇත්තේ යනුවෙන් එහි දී ඔහු විමසා සිටියේය.

තවද මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බවත් , පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල් ක්‍රිකට් ක්‍රීඩාවට ඍජුව මැදිහත් වී ඇති බවත් ඔවුන්ව කිසිම අවස්ථාවක අයි.සී.සීය විසින් තහනම් කර නොමැති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img