Saturday, December 6, 2025
19.1 C
Sri Lanka

ග්‍රීස් යකා ගැන යළි කතාබහක්.

2011 වසරේ යාපනය අර්ධද්වීපය තුළ ‘ග්‍රීස් යක්කු’ නමැති නාඳුනන පුද්ගලයින් සිදුකළ ජනතාව බිය ගැන්වීමේ ක්‍රියාවන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණ නියෝග පරිදි විරෝධතා ගොනුනොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබේ.

අධිකරණ නියෝග පරිදි එම කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය වෙත දැඩි දෝෂාරෝපණ එල්ල කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා අධිකරණයේ කාලය නාස්ති නොකොට පෙත්සම්කරුවන්ට විරෝධතා පිටපත් භාරදෙන ලෙස ප්‍රකාශ කර ඇත.

පෙත්සම එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ‍ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ නඩුකරවලට අදාළ විරෝධතා තමන් වෙත ලැබී නොමැති බවයි.

විරෝධතා නිසි පරිදි ගොනුකර තිබෙන බව එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය තර්ක කර තිබේ.

එහිදී නඩු ගොනුව පරීක්ෂා කළ ත්‍රිපුද්ගල විනිසුරුමඬුල්ලේ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා පැවසුවේ අධිකරණය විසින් කරන ලද නියෝගය පරිදි විරෝධතා ගොනුකිරීමක් සිදුව නොමැති බවයි.

එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළ ද විනිසුරු තුරෙයිරාජා මහතා පැවසුවේ අධිකරණයේ කාලය නාස්ති නොකොට රුපියල් සියයක මුදලක් වැයකර පෙත්සම්කරුවන්ට විරෝධතා භාරදීමට පියවර ගන්නා ලෙසයි.

අනතුරුව පෙත්සම ජූලි මස 30 වැනිදා කැඳවීමට ද දින නියම වූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් මෙම පෙත්සම්  ගොනුකර තිබූ අතර එහි වග උත්තරකරු ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img