Thursday, January 29, 2026
15.2 C
Sri Lanka

ජාතික රෝහලට ආ රෝගීන් දහස් ගණනක් හරවා යවලා.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලේ ප්‍රධාන වායු සමීකරණ පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් ඊයේ (6) ආපසු හරවා යවා ඇත. බාහිර රෝගී අංශය පිහිටි අට මහල් ගොඩනැගිල්ලේ ප්‍රධාන වායු සමීකරණ පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සිදුකළ නොහැකි වීම මත රෝගීන් මෙසේ ආපසු හරවා යවා ඇත.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ඊයේ (6) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළේය.

ප්‍රතිකාර අවශ්‍ය නම් පෞද්ගලික රසායනාගාරවලින් පරීක්ෂණ කරගෙන එන්නැයි වෛද්‍යවරු රෝගීන්ට දන්වා ඇතැයිද හෙතෙම මෙහිදී අනාවරණය කළේය.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි අටමහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇත්තේ මීට වසරකට පමණ ඉහතදීය. මෙය චීන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් නවතම ගොඩනැගිල්ලක් වන අතර එහි නඩත්තු කටයුතු සිදුකරන්නේද අදාළ චීන සමාගම විසිනි.

බාහිර රෝගී අංශයේ රෝගීන් ආපසු හරවා යැවීම සම්බන්ධයෙන් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, ඊයේ දිනයේදී රෝගීන් දෙදහස් පන්සීයක් පමණ ආපසු හරවා යැවූ බවයි. රෝහලේ පාලනාධිකාරියේ පවතින ගැටලු හේතුවෙන් බාහිර රෝගී අංශයේ නඩත්තු කටයුතු කරගෙන යාමට අපහසු වී ඇතැයිද අල්ලස් සිද්ධියක් මුල් කරගනිමින් චීන සමාගමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජාතික රෝහලේ ඉහළ නිලධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද හෙතෙම කීවේය. මෙම සිද්ධිය මුල්කරගනිමින් අදාළ චීන සමාගම රෝහලේ නඩත්තු කටයුතු සිදුකිරීම නතර කර ඇතැයිද තත්ත්වය සමථයකට පත්වන තුරු බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කටයුතු සිදුකළ නොහැකි බවද හෙතෙම පැවසීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img