Friday, January 30, 2026
19.6 C
Sri Lanka

IPL ක්‍රීඩක වෙන්දේසිය අද.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදී අද (18 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ගේ නම් ඉදිරිපත් වී තිබේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 333 ක් ඇතුළත් කොට තිබෙන අතර මේ අතුරින් විදෙස් ක්‍රීඩකයන් 30කට සහ ඉන්දියානු ක්‍රීඩකයන් 43කට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට සහභාගී වීමේ අවස්ථාව හිමි වනු ඇත.

අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වශයෙන් වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, දිල්ෂාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර නම් වී ඇත.

මේ අතරින් වැඩිම ආරම්භක මිලකට නම් කර සිටින ක්‍රීඩකයා වනිදු හසරංග වන තර ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.5කටත් අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනා ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් ලෙසත් වෙන්දේසිය සඳහා නම් කර ඇත.

මේ අතර ඊයේ (18 වැනිදා) පැවැති පෙරහුරු ක්‍රීඩක වෙන්දේසියකදී ‘කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම’ ශ්‍රී ලංකා වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුසංඛ පිළිබඳව උනන්දුවක් දක්වන අයුරු පෙනෙන්නට තිබුණු අතර, එක් පුහුණු වෙන්දේසියකදී දිල්ශාන් මධුසංඛ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 10.5ක ලංසුවක් නම් කිරීමට පවා කොල්කටා කණ්ඩායම තීරණය කර තිබිණි.

එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් සුරේශ් රයිනා සහභාගී වූ පෙරහුරු ක්‍රීඩක වෙන්දේසියේදී වනිඳු හසරංග පිළිබඳව උනන්දුවක් දැක් වූ ආකාරයක් පෙනෙන්නට තිබූ අතර වනිඳු වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 8.5ක ලංසුවක් තැබීමටද රයිනා කටයුතු කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img