Friday, January 30, 2026
19.6 C
Sri Lanka

මේ දෙසැම්බර් 26ත්, 2004 වගේලු. ප්‍රවේශම් වෙන්න වෙයි. මේක අමුතුම කතාවක්.

මේ වර්ෂයේ දෙසැම්බර් 26දා පවතින ග්‍රහ තත්ත්වය 2004 දී ශ්‍රී ලංකාවට අත්විඳින්නට සිදු වූ රුදුරු සුනාමි තත්ත්වයට සමාන බව හෙළිදරව් වී තිබෙනවා.

2004 දෙසැම්බර් 26දා උඳුවප් පසළොස්වක පොහෝ දිනයදා මෙරට මුහුණ පෑ සුනාමි ව්‍යසනයෙන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වූ අතර එදින සඳු ග්‍රහයා ලංකා කේන්දරයේ මිථුන රාශියේ මුවසිරස නැකැතේ ගමන් කරමින් සිටි දිනයක් විය.

එම නැකැත හිමි කුජ ග්‍රහයා සිකුරු, බුධ සහ ප්ලූටෝ යන ග්‍රහයන් සමඟ යෝගව දහවැනි භාවයේ ගෝචර වී සිටියේය.

කේතු ග්‍රහයා කුජගේ නැකැතක ගමන් කරමින් සිටියේය.

එදා තිබූ ඉහත කී ග්‍රහ පිහිටීම්වලට සාපේක්ෂව බලන විට මෙම 2023 වර්ෂයේ දෙසැම්බර් 26දාද උඳුවප් පුරපසොළොස්වක දිනයක් වීම විශේෂයෙන් කැපී පෙනේ.

එසේම එදින පවතින්නේ විෂ්ටිකරණයයි.

සඳු ග්‍රහයා එදා මෙන්ම ලංකා කේන්දරයෙහි මිථුන රාශියේ මුව සිරස නැකැතේ ගමන් කරයි.

කේතු ග්‍රහයා කුජට අයත් නැකැතක් වන සිත නැකැතේ ගමන් කරයි. කුජ සහ සිකුරු වෘශ්චික රාශියේ ගමන් කරයි.

මාස තුනකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ඇද හැලෙන වැස්ස මේ වන විටත් නැවතී නැත.

මධ්‍යම කඳුකරයේ කඳු කඩා වැටීම් නිතර වාර්තා වෙයි.

ලෝකයේ වෙනත් රටවලින්ද භූමිකම්පා වාර්තා වන තත්ත්වයක් පවතින බව සැලකිය යුතුවෙයි.

2004 වර්ෂයට සමානකම් කිව හැකි පරිද්දෙන් මෙම දෙසැම්බර් 26දා පවතින ග්‍රහ තත්ත්වය පිළිබඳව අපගේ අවධානය යොමු වීම වටී.

පාපකාරී ක්‍රියාවන්ගෙන් බැහැරව ධාර්මිකව ජීවත්වීමට මහජනතාවගෙන් බොහෝදෙනා උනන්දු වන්නේ නම් මෙවැනි කාල විපත්වලින් අත්මිදීමට හැකි බව පුරාණාචාර්යවරුන්ගේ ඉගැන්වීමයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img