Saturday, January 31, 2026
20.2 C
Sri Lanka

කතරගම තවත් කපුවෙක් මුදල් සහ රත්‍රං අරන් මාරුවෙලා.

විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්‍රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් වංචා විමර්ශන ඒකකය මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

නොවැම්බර් 13 වනදා සිට දෙසැම්බර් 13 දක්වා මාසයක කාලසීමාව තුළදී දේවාලයේ තේවාව බලහත්කාරයෙන් භාරව සිට ඇත්තේ 2022 ජූලි 29 වනදා සිට කපු ධුරය අත්හිටුවා දේවාලයට ඇතුළුවීම තහනම් කළ තිම්ලත් රත්නායක සනත් ප්‍රේමකුමාර නමැති අයට බව වංචා විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලේ සඳහන්ය.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා මාර්ගයෙන් වංචා විමර්ශන අංශය වෙත ලබාදී ඇත.

මසකට රුපියල් කෝටි හතරත්, පහත් අතර වටිනාකමකින් යුත් මුදල් හා රන් ආභරණ දේවාලයේ තේවාව කරන කපු මහතකුට ලැබෙන බවත්, තේවාවෙන් පසුව පසුගිය මාසයට අදාළව රුපියල් ලක්ෂ දහයක් වැඩතහනමට ලත් කපුවා විසින් දේවාලයේ ගිණුමට තැන්පත් කර ඇතැයිද එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන කටයුතු කරගෙන යාමට නොහැකි ලෙසින් බරපතළ ගණයේ විෂමාචාර ක්‍රියාවක් සහ විනය විරෝධී ක්‍රියාවක් කර ඇති බැවින් මෙම වැඩතහනම ක්‍රියාත්මක කළ බව බස්නායක නිලමේවරයා පසුගිය වස​රේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා තිබිණි.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img