Sunday, February 1, 2026
20.5 C
Sri Lanka

චාමර වීරසිංහ සුව අතට.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ට විවේකය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව භාජනය නොකෙරුණු බවය.

නමුත් ඔහුගේ හඬ ට යම් විවේකයක් අවශ්‍ය බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තවදුරටත් පැවසීය.

“ජනප්‍රිය ගායක චාමර වීරසිංහ කෘතිම ශ්වසන ආධාරකවලින් තොරව දැන් සාමාන්‍ය පරිදි ශ්වසනය සිදුකරනවා. නමුත් ඔහුව තවදුරටත් දැඩි සත්කාර ඒකකය තුළ රඳවා ගනිමින් දැඩි නිරීක්ෂණයක නිරතවෙමින් සිටිනවා. සමස්තයක් ලෙස කියන්න පුළුවන් වෙන්නේ ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරී තිබෙනවා.”

“අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔහුව උගුරේ ශල්‍යකර්මයකට භාජනය කෙරුණේ නැහැ. නමුත් ඔහුගේ හඬ යථා තත්ත්වයට පත්වෙන්න ටික කාලයක් ගතවෙයි. ඒ නිසා ඔහුගේ හඬට විවේකයක් අවශ්‍යයි. මාස 4ක් 5ක් විතර යනකොට ඔහුට නැවත ගායන ක්ෂේත්‍රයට පිවිසීමට හැකියාව ලැබෙයි. තවත් නොබෝ දිනකින් ඔහු සියයට සියයක් සුව අතට පත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img