Monday, April 20, 2026
27.9 C
Sri Lanka

දිව්‍යලෝකෙ යන්න සැරසුණු 30ක් හඳුනාගනී.

දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනකු ගැන දැනට අනාවරණය කරගෙන ඇත.

පොලිසිය හා බුද්ධි අංශ එක්ව අරඹා ඇති විමර්ශනයකට අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති අතර එම පිරිසට ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිපදෙනකුද සිටින බව හෙළි වී ඇත.

බෞද්ධ දර්ශනය යැයි හුවාදක්වමින් රුවන් ප්‍රසන්න නමැත්තා පොළොන්නරුව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල වසර දහයක් පමණ මිථ්‍යාව වපුරමින් පුද පූජා පවත්වා ඇතැයි හෙළි වී තිබේ.

දැනට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් තිස්දෙනකු ඔවුන් අන්තවාදී මතවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අරුණට පැවැසීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img