Sunday, April 19, 2026
21.8 C
Sri Lanka

රාජ්‍ය සේවකයින්ගේ රැකියා වේලාවන් ගැන චක්‍රලේඛයක්.

කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ. 

ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදුකරන බවට නිරීක්ෂණය වීමත් සමග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව දන්වා ඇත.

එමෙන්ම එම චක්‍රලේඛයට අනුව පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු වේ.

ඊට අමතරව රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැලඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්ය වේ.

මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනය තුළ සෑම රාජ්‍ය ආයතනයකම පහළ මට්ටමේ නිලධාරියාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ සෑම තරාතිරමකම නිලධාරීන් කාර්යාලයේ රැඳීසිටීම අත්‍යවශ්‍ය බවද අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

එදිනට අසනීප හෝ නොවැළැක්විය හැකි කරුණක් වෙනුවෙන් හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානියා වගබලා ගත යුතු වේ.

එමෙන්ම මහජනතාවගෙන් දිනපතා ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් සියලුම රාජ්‍ය ආයතනවල විමසීම් කවුළු, මුදල් භාර ගැනීමේ කවුළු, අයැදුම්පත් භාර ගැනීමේ කවුළු අඛණ්ඩව වීවෘතව තැබිය යුතු වන අතර රාජකාරී කාලය තුළදී වෙනත් පෞද්ගලික කටයුතු සඳහා පිටව යාම නොකළ යුතු වේ.

ආබාධිත සේවාලාභින්ට කාර්යාල වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගත යුතු බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img