Sunday, April 19, 2026
21.8 C
Sri Lanka

“අවලෝකිතේශ්වර, ඊජිප්තුවේ බල්ලො බලාගත්තු කෙනෙක්” “මොහු මානසික ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.”

බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වන අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටින තැනැත්තා බුදුරජානන්වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට යැයි පවසමින් ශරීරයට ගිනි තබාගන්නා ලෙස තම අනුගාමිකයින් වෙත ප්‍රකාශ කරන බවට බලංගොඩ කාශ්‍යප හිමියෝ චෝදනා කරති.

පසුගිය කාලසීමාවේදී මෙවැනි අනුගාමිකයින්ගේ දේශනවලට සහභාගීවූ පුද්ගලයන් විවිධ මාර්ග භාවිත කරමින් සියදිවි නසා ගැනීමට පෙළඹුණු බැවින් එවැනි තත්ත්වයක් යටතේ අවලෝකිතේශ්වර කෙරෙහි විස්වාසය තබන අන්ධ භක්තිකයින් විසින් සිරුරට ගිනි තබාගැනීමට පෙළඹුනහොත් මෙය අපරාධමය වරදක් වන බව කාශ්‍යප හිමියෝ පෙන්වා දෙති.

මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට ප්‍රථම මොහු පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් අංශ දැනුවත් කළ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පියවරක් නොගත් බව උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම අදාළ පුද්ගලයා ඔහුගේම දියණිය අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකු වන බව පැවසූ උන්වහන්සේ සඳහන් කළේ ඒ හේතුවෙන් බිරිඳ විසින් මොහු නිවසින් එළවා දැමීම මෙම පුද්ගලයා විසින් තමා අභිනිෂ්ක්‍රමණය කළ පුද්ගලයෙක් බවට හුවා දක්වමින් ඇති බවයි.

මෙහිදි උන්වහන්සේ මෙසේද පැවසූහ.

“අවලෝකිතේශ්වර කියන්නේ ඊජිප්තුවේ බල්ලො බලාගත්ත කෙනෙක්. ලංකාවටවත් එන්න සල්ලි නැතුව මිනිස්සුම එකතුවෙලා තමයි ලංකාවට ගෙන්න ගන්නේ. මෙහෙම කෙනෙක් පස්සේ තමයි මේ අන්ධ භක්තිකයො, මෙහෙණින් වහන්සෙලා එහෙම වඳින්නේ. මොහු ථෙරවාදී සම්ප්‍රදාය විවේචනය කරමින් මහායානික අදහස් ඉදිරිපත් කරමින් බුදු දහම විකෘති කරනවා. මේ බෝධිසත්වයෙක් නොවෙයි මානසික විකෘතියකින් පෙළෙන පුද්ගලයෙක්. ඒ හින්දා වහාම මොහු මානසික ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img