Sunday, April 12, 2026
22 C
Sri Lanka

අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි තැනැත්තා අද මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට.

වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණීමෙන් අනතුරුව සැකකරු පරික්ෂා කරනු ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි පුද්ගලයා පසුගිය 19වනදා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කෙරුණා.

එහෙත් එදින අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට නොපැමිණි බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් සැකකරු පරික්ෂා කර තිබුණා.

එහිදී තීරණය වී ඇත්තේ  අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි පුද්ගලයා දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ එම රෝහලේම තබා ගැනීමටයි. 

එදින සිට ඊයේ දිනය දක්වා එම වෛද්‍යවරුන් විසින් සැකකරුගේ හැසිරීම් රටාව ඇතුළු සියලු ක්‍රියාකාරකම් පිළිබඳ අධීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ ඔහු පිළිබඳ සකස් කළ වාර්තාවක් අද දිනයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයාට ලබා දීමට නියමිත බවයි වාර්තා වුණේ. 

ඉන් අතනුරුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා විසින් එම තොරතුරු ද පදනම්ව විශේෂ වාර්තාවක් සකස් කර එම වාර්තාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.   

අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා පිළිබඳ එලෙස වාර්තාවක් ලබා දෙනු ලබන්නේ අධිකරණය ලබා දුන් නියෝගයක් මතයි.

අදාළ වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි සැකකරු අද දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත මාරු කිරීමටයි තීරණය කර ඇත්තේ.  

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img