Sunday, April 12, 2026
22 C
Sri Lanka

රාජ්‍ය සේවකයන්ගේ අග්‍රහාරයට විද්ද නිලධාරිනියගේ වැඩ තහනම්.

රාජ්‍ය සේවකයන් සඳහා වන අග්‍රහාර අරමුදලෙන් රුපියල් හැටතුන් ලක්ෂයක් සිය ගිණුමට බැර කර ගත් බව කියන එම රක්ෂණ භාර මණ්ඩලයේ නිලධාරිනියකගේ වැඩ තහනම් කර තිබෙන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලයේ දසදෙනකුට පමණ චෝදනා පත්‍ර භාර දී තිබේ.

මීට පෙර ද රුපියල් හැට හතර ලක්ෂයක් සිය ගිණුමට බැර කර ගත් බව කියන එහි නිලධාරිනිකගේ වැඩ තහනම් කර මේ වන විට නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබේ. මෙම දෙදෙනාගේම ස්වාමි පුරුෂයන් පොලිස් නිලධාරීහු වෙති. එක් නිලධාරිනියකගේ වැඩ තහනම් කර ඇත්තේ මීට මාස කිහිපයකට පෙර වන අතර අනෙක් නිලධාරිනියට එම දඬුවම ලබා දී ඇත්තේ මීට සති කිහිපයකට පෙරය. එම නිලධාරිනිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන අංශයකින් පරීක්ෂණයක් පැවැත්වේ.

අරමුදලේ සාමාජිකයන් සඳහා කූට ලේඛන සකසමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බවත් සැත්කම් සිදුකළ බවට සකසන ලද කූට ලේඛන මේ වන විට සොයා ගැනීමට හැකිව තිබෙන බවත් ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. කූට ලේඛන සකස් කර ඇත්තේ එම සාමාජිකයන් සැත්කම් සිදු කළ බව හැඟවීමටය.

මෙම අරමුදල සඳහා රාජ්‍ය සේවකයන්ගෙන් මාසිකව රුපියල් හයසියයක් අය කෙරේ. මොළය සම්බන්ධ සැත්කම් සඳහා රුපියල් ලක්ෂ දොළහක් ද හදවත් සැත්කම් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක්ද වශයෙන් විවිධ ආබාධ සඳහා මෙමගින් ප්‍රතිලාභ හිමි වේ. මෙම සියලු සැත්කම් යොමු කෙරෙන්නේ පෞද්ගලික රෝහල්වලටය. එම රෝහල් කාර්ය මණඩලවලද සහය මත මෙම වංචාව සිදු කර තිබෙන බව දැනට කර ඇති පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img