Wednesday, April 1, 2026
29.9 C
Sri Lanka

පරුෂ වචනයෙන් පොලිසියට පාට් දැමූ තරුණියක් අත්අඩංගුවට.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියෙදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් පොලිස් ත්‍රිරෝද රථය අනතුරට ලක් කිරීමට උත්සාහ දරා ඇත.

මෙම කාන්තාව අධික වේගයෙන් පැමිණ තිබෙන බවත්, ඇයට වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්වීමට ගිය බවත් ගන්දර පොලිසිය සදහන් කරයි.

මෙම අවස්ථාවේදී පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි නිලධාරීන් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ තමන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණිය බවත්, ඔස්ට්‍රේලියාවේ පදිංචිකාරිනියක මෙන්ම නීතිඥවරියක බවත් පවසා මෝටර් රථයේ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති.

පසුව මෙම කාන්තාව ත්‍රිරෝද රථයේ පැමිණි කාන්තා පොලිස් සැරයන්වරියගේ පපු ප්‍රදේශයට වැළමිටෙන් පහරදී ඇති අතර, ඇය ප්‍රතිකාර සදහා මාතර රෝහල වෙත ඇතුළත් කර ඇත.

පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි පොලිස් සැරයන්වරුන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවකු ඉදිරිපත් කර පැමිණෙමින් සිටියෙදී මාතර රෝහලේ කාන්තාවකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ගිය කාන්තා පොලිස් සැරයන්වරිය ද ත්‍රිරෝද රථයට ගොඩ වී ඇත.

කෙසේ වෙතත් පොලිස් නිලධාරිනියට පහරදීමේ චෝදනාව මත 31 හැවිරිදි මෙම කාන්තාව ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඇය ගැන කරන ලද වැඩිදුර විමර්ශන වලදි ඇයගේ මව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක නොව විශ්‍රාමික කාන්තා පොලිස් පරීක්ෂකවරියක බව අනාවරණය වී ඇත.

සැකකාරිය අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img