Sunday, April 5, 2026
26.9 C
Sri Lanka

රථ වාහන වැරදි සිදුකළ වාහන 610ක් CCTV මගින් හඳුනා ගනී.

සීසීටීවී ආරක්ෂිත කැමරා යොදා ගනිමින් රථ වාහන වැරැදි හඳුනාගැනීමේ ක්‍රමවේදය යටතේ ගෙවුණු සතියක කාලයේදී රථවාහන වැරැදි 610 ක් හඳුනාගත් බව පොලිස් සීසීටීවී කොට්ඨාසය පවසයි.

කොළඹ නගරයේ මංමාවත්වල සවිකර ඇති සීසීටීවී කැමරා මගින් රථවාහන වැරැදි හඳුනාගැනීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් ඉකුත් 22 වැනිදා ආරම්භ කෙරිණි. 

එම වැඩසටහන ආරම්භ කර අද (29) දින වන විට සතියක කාලයක් ගෙවී අවසන් වී ඇති අතර ඊයේ දින වන විට කොළඹ නගරයේ රථවාහන වැරැදි කළ රියැදුරන් 610 දෙනකු හඳුනාගැනීමට පොලිස් සීසීටීවී කොට්ඨාසයට හැකිව තිබිණි. 

මංතීරු මාරු කර රිය ධාවනය, විදුලි ආලෝක සංඥාවලට අනුව ධාවනය නොකිරීම, නැවතිය නොහැකි ස්ථානවල රථවාහන නැවැත්වීම, රතු දැල්වී තිබියදී ධාවනය කිරීම ඇතුළු රථවාහන වැරැදි මෙහිදී නිරීක්ෂණය කරයි.  

මෙම වැඩසටහනේ මූලික පියවර ලෙස ආරම්භ කළ නියමු වැඩසටහන යටතේ වැරැදි කළ රියැදුරන්ට අවවාද කිරීම සිදුකෙරුණු අතර එළැඹෙන පළමුවැනිදා සිට දඩ කොළ නිකුත් කිරීමට නියමිත බව පොලිස් සීසීටීවී කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති තුෂාර ගමලත් පැවසීය. 

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img