Wednesday, April 1, 2026
25.6 C
Sri Lanka

මවගේ 47 හැවිරිදි කැනඩා අ#නියම් සැමියා නිසා 15 හැවිරිදි දියණිය තුන්මස් ගැබිණියක් වෙලා.

යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේදී මවගේ 47 හැවිරිදි අනියම් සැමියා අතින් වයස අවුරුදු 15ක පාසල් දැරියක් ගැබ් ගෙන ඇති බවට පේදුරුතුඩුව රෝහලේ වාර්තාවලින් ඊයේ (31) සනාථ වී තිබෙනවා.

එම දැරියගේ මව බැංකු සේවිකාවක් වන අතර ඇය විවාහ වීමට පෙර සිට මෙම පුද්ගලයා සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇය වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වීමෙන් පසුව මොහු කැනඩාවට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කැනඩාවේ සිට යාපනයට පැමිණෙන අවස්ථාවලදී මෙම කන්තාව ඇසුරු කිරීම නිසා ඇගේ විවාහක පුරුෂයා ඒ බව දැන එම කාන්තාව අතහැර ගොස් ඇති බවද සඳහන්.

ඉන් පසුව කැනඩාවේ සිට යාපනයට පැමිණි සැකකරු දැරියගේ මව සමඟ අනියම් ඇසුරක් පවත්වමින් එම නිවසේම ජීවත් වී ඇති අතර පාසල් සිසුවියද එම නිවසේම වාසය කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මව රැකියාවට ගිය පසුව දැරිය සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමට ඔහු පුරුදු වී සිට ඇති අතර පසුගිය සතියේදී පවුලේ අය කෝවිලේ දානයකට ගොස් දිවා ආහාරය ගෙන ස්වල්ප වේලාවකදී දැරිය වමනය කරන්නට පටන් ගැනීම නිසා ඇගේ මව විසින් දැරියව රෝහල් ගත කර ඇති බවයි.

දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරු ඇය තුන්මස් ගබිණියක් බව ප්‍රකාශ කොට ඇති අතර දැරියත්, අනියම් සැමියාත් ලිංගිකව හැසුරුණු බව ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ට හා දැරියගේ මවට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා දැරියගේ මව පොලිසියට පැමිණිලි කර නොමැති නමුත් පේදුරුතුඩුව රෝහල් පොලිසියට වෛද්‍යවරුන් විසින් ලබාදුන් ප්‍රකාශයක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img