Tuesday, March 31, 2026
19.2 C
Sri Lanka

ලොතරැයි දිනුම් ඇතැයි ඇමතුම් ලබාදී ලක්ෂ 18ක් වංචා කරලා.

ලොතරැයියක දිනුමක් තිබෙන බව පවසමින් කාන්තාවන්ට සහ පිරිමින්ට දුරකතන ඇමතුම් ලබාදී වංචනික ලෙස මුදල් ඉපැයූ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා (30) පස්වරුවේ කිරිබත්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් අසලදී අත් අඩංගුවට ගෙන ඇත

මොහු මේ කුඨ ව්‍යාපාරය තුළින් මේ වන විට රුපියල් ලක්ෂ 18 කට වැඩි මුදලක් වංචනික ලෙස ලබා ගෙන තිබෙන අතර මේ සම්බන්ධව පැමිණිලි කීපයක්ම පොලිසියට ලැබී තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී අන්සතු ඒ.ටී.එම්.කාඩ් පතක්,ජංගම දුරකථන දෙකක් , රුපියල් හැට දහසක මුදලක් සමග පොලිස් භාරයට ගැනිණි.

මොහු මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී සිටින පුද්ගලයකු වන අතර එම අවස්ථාවේ ඔහු ළග තිබී අයිස් මිලි ග්‍රෑම් 3420 ක් සොයා ගැනීමට ද පොලිසියට හැකිවිය.මේ සඳහා මොහුට සහාය දෙන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙන අතර එම කාන්තාව සිම් කාඩ්පත් අලෙවිසලක් පවත්වා ගෙන යන තැනැත්තියක් වන බවට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය , ඊරියවැටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි තිස් දෙහැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img