Tuesday, March 31, 2026
18.6 C
Sri Lanka

ලංකාවේ කෑම සිංගප්පූරුව හොල්ලයි.

ශ්‍රී ලාංකික කුළුබඩු යොදා රසවත් කරගන්නා වූ ආහාරවල රස බැලීමට ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් ද කැමැත්තක් දක්වන බව නොරහසක්. එම නිසාම බොහොමයක් රටවල ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම සනිටුහන් කරමින් අවන්හල් ඉදිකෙරුණි.

නමුත් සිංගප්පූරුවෙහි බොහෝවිට දක්නට ඇත්තේ චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත අවන්හල් ය. එම හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවට මෙරට ආහාර වේලක් ලබාගැනීම ඉතාමත් අසීරු කාරණයක් විය.

කෙසෙවෙතත් එරට සිටින ශ්‍රී ලාංකික සැමටම සුබ ආරංචියක් ලබා දෙමින් පූර්ණ ලාංකේය කෑම වට්රෝරුවලින් සමන්විත ලාංකේය අවන්හලක් ”Ceylonese Crabs” නමින් පසුගිය 2 වනදා විවෘත විය.

සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වන නුවන් බණ්ඩාර සිය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ඉදිකළ මෙම නව අවන්හල සිංගප්පූරුවේ East cost Park හී පිහිටි Seafood Center හී Blk 1202 පිහිටා ඇත. 

”Ceylonese Crabs” සමාරම්භක අවස්තාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එරට ශ්‍රීලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහභාගී විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුවූ ”Ceylonese Crabs” සමාරම්භයට ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් එක් විය.

මුළුමනින්ම ලාංකේය සැරසිළි සහ ගෘහ අලංකාර රටවන්ගෙ හැඩගැන්වී ඇති ”Ceylonese Crabs” හීදී ලාංකේය ආහාර පමණක් නොව දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, අත්කම් සහ ගෘහ අලංකරණ රටාවන් ගැනද අවබෝධයක් ලබාගැනිමට පුළුවන. 

ශ්‍රී ලාංකිකයන් තරමටම විදේශිකයන් අතරද ”Ceylonese Crabs” ආහාර සඳහා ඉහළ ජනප්‍රිය බවක් හිමිබවත් ඇතිබවත්, භූමීය මායිම් බිඳ දමමින් ලාංකේය ආහාර කලාව ලෝකයට ගෙන යාමට ”Ceylonese Crabs”සමත්ව ඇති බවත් වාර්තා වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img