Monday, March 30, 2026
18.6 C
Sri Lanka

සල්ලි වෙනුවෙන්ම ජීවත් වෙන තැන මම නැහැ.

2024 අලුත් අවුරුද්දක් පටන් ගත්තා, කලාවේ අලුත් වැඩ මොනවද?

සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි’ කියන අලුත්ම නාට්‍යයේ ශූටින් පටන් ගන්නවා. මේ දිනවල තත්ත්පරයක් දෙන්න ටෙලි නාට්‍ය විකාශය වෙනවා. කොහොමත් කවදාවත් මම කාර්යබහුල රංගන ශිල්පිනියක් නෙවෙයි.

2023දී හොඳම නිළිය වෙන්න වාසනාව ලැබුණා, මේ අවුරුද්දේ මොනවා වෙයිද?

ටෙලි නාට්‍ය පැත්තෙන් මට හැමදාම ඕනකම තිබ්බේ හොඳම නිළිය කියන සම්මානය ලබා ගන්න. ඒක මම මින් පෙර ලිපිවල පවා කියලා තියෙනවා.

වොල්ගා නිවේදනයට ඇරයුමක් ලැබුණොත් නැවත සලකා බලනවද?

ඇරයුම් නම් ලැබුණා. නිවේදනය කියන්නේ වගකීමක්. සාමාන්‍යයෙන් ඒ වගකීම ගන්න පහුගිය කාලේ මට බැරි කමක් තිබ්බා. මගේ තියෙන අනෙක් වැඩත් එක්ක. මම නාළිකා එකක හිටියා. අවුරුදු වැඩසටහන් සහ නත්තල් වැඩසටහන් කළා. ඒකත් එක්ක මම සමහර තැන්වල නිවේදිකාවක් වුණා. ඒ හැර එක දිගටම වගකීමක් අරගෙන කළේ නැහැ.

මේ අවුරුද්දේ ජීවිතේ වෙනස් වෙයිද?

මගේ ජීවිතේ මම හැමදේම ප්ලෑන් කරලා කළා. සමහර දේවල් මට ඕනේ විදියටම වුණේ නැහැ. ඒ නිසා එතැනින් එහාට මම මගේ ජීවිතේ ඒ පැත්ත අනවශ්‍ය ලෙස ප්ලෑන් කළේ නැහැ. එතැනින් එහාට මම පුරුදු වුණා ජීවිතේ එන විදියට මමත් ගලාගෙන යන්න. එහෙමයි කියලා මම කවදාවත් දුකෙන් හෝ අසතුටෙන් නැහැ. ඉස්සරටත් වැඩිය හොඳින් සතුටින් මම ජීවත් වෙනවා. ජීවිතේ එක එක කාලවලදී එක එක අය ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක ලස්සනට පැහැදිලි කරනවා. පෞද්ගලික ජීවිතේ මහා ලොකු වෙනසක් වෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ජීවිතේ පහුගිය කාලේ පොඩි පොඩි වෙනස්වීම් වුණා. ඒ වෙනස්වීම් මා එක්ක තවමත් ඉන්නවා. ඒවත් එක්ක ඉස්සරහට යනවා.

වොල්ගාගේ ආදර කතාවක් අහන්න ලැබෙයිද?

ආදර කතාවක් තියෙනවා. ඒ ආදරේ මා එක්ක ජීවත් වෙනවා. කාලෙන් කාලෙට සමහර වෙලාවට ජීවිතේට එක එක අය ඇවිල්ලා අපිට එක එක දේවල් උගන්වන්නේ. මේ ආදර කතාව අපේ වයස සහ අපේ පරිණතවීම එක්ක මට ජීවිතේ කියන්නේ මොකක් ද කියන එක ඉගැන්නුවා. දේවල් බලාපොරොත්තු නොවී ඉන්න එක. ආදරේ කියන එක පවා පෙරලා බලාපොරොත්තු නොවී ආදරේ කරන්නේ කොහොමද කියන එක උගන්වපු ආදර කතාවක් මට දැන් තියෙන්නේ. කලිනුත් මම ආදරේ කළා. මට ඒ කාලේ ආදරේ කියන්නේ මොකක් ද කියලා හරියට තේරුණේ නැහැ. දැන් මට ආදරේ සහ ජීවිතේ කියන එක හරියටම වැටහෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඒ ආදර කතාව හරි ලස්සන මට වංචා කරන්නේ නැති සුන්දර කතාවක්. ඒ කතාව මා එක්කම ඉස්සරහට යයි.

කවුද, කොහෙද කොතැනද කියන වග විතරයි කියන්නේ නැත්තේ…

ඔව්. මම කොහොමත් අනවශ්‍ය ලෙස මගේ පෞද්ගලික ජීවිතේ නිරාවරණය කරන්නේ නැහැ. නිරාවරණය කරන්නේ නැහැ කියන්නේ මම හිතාමතා හංගනවා කියන එකත් නෙවෙයි. මම එහෙම හංගලා වැඩ කරන්නේ නැහැ. මම අනිත් අය වගේ යන යන තැන ෆොටෝ දාන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි මගේ පෞද්ගලික ජීවිතේ නිරාවරණය වෙලා නැත්තේ.

පුංචි තිරයේ විවිධ චරිත ලැබුණත් සිනමාවේ ඇරයුම්වල අඩුවක් තියෙනවා නේද?

කොහොමත් ටෙලි නාට්‍යවලට වගේ සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැහැ. සමහර ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ආරාධනාවලත් මගෙත් තියෙනවානේ පොඩි පොඩි මම දාගත්තු සීමාවන්. මම නිර්මාණයක් භාර ගන්නේ මට දැනෙනවා නම් විතරයි.

කලාවේ ජනප්‍රිය වෙද්දී බොහෝ දෙනා විවිධ ක්ෂේත්‍රවලට යොමුවෙනවා, වොල්ගාගේ එහෙම කැමැත්තක් නැද්ද?

මම ගොඩක් වෙලාවට දන්නේ නැති දේවල් කරනවා අඩුයි. ජීවත් වෙන්න සල්ලි ඕනේ, හැබැයි සල්ලි නිසාම ජීවත් වෙන තැන මම නැහැ. ඉස්සරත් එහෙමයි. අදත් එහෙමයි, හෙටත් එහෙමයි. සෝෂල් මීඩියා ගැන මට මහ ලොකු දැනුමක් නැහැ. මම දන්නේ නැති දේවල් කරන්නේ නැහැ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img