Sunday, March 29, 2026
20.1 C
Sri Lanka

විදුලි ගාස්තුව 25%කින් අඩු කරන්න පුළුවන්.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකළ විශ්ලේෂණයට අනුව වර්තමාන විදුලි ගාස්තු සියයට විස්සත් විසිපහත් (20% – 25%) අතර ප්‍රතිශතයකින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා ලංකා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන මත පදනම්ව සිදුකළ අධ්‍යනයෙන් මේ පිළිබඳව අනාවරණය වූ බව එම සංගමය පෙන්වා දුන්නේය. කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉදිරියේදී විදුලි ගාස්තු සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමේදී ස්වාධීන විශේලේෂණ, කොමිෂන් සභාවේ විදුලි ගාස්තු අංශයේ විශේෂඥයන්ගේ නිර්දේශ හා වෙනත් පාර්ශ්වකරුවන්ගේ සැලකිල්ලට ලක්වූ කරුණු අනුව එය සිදු කළ යුතු බව ඔවුහු සඳහන් කළහ..

මේ වනවිටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණ වල සාධාරණභාවය හා පාරදෘශ්‍යභාවය පිළිබඳව පාරිභෝගිකයන් තුළ පැවැති විශ්වාසය පළුදු වී ඇති බවද එම කොමිෂන් සභාවේ සේවක සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් මෙම සංගමය සාකච්ඡාවක් ද ඉල්ලා ඇත. මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති නියාමන වගකීම ඉටුකිරීමේදී පාරදෘශ්‍යභාවය, වගවීම හා පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් උසස් ප්‍රමිතිය පවත්වාගෙන යාම සහ ස්වාධීන තීන්දු ගැනීම අත්‍යවශ්‍ය බව එම සේවක සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img