Sunday, March 29, 2026
19.3 C
Sri Lanka

අදින් පසු ලංකාවේ මාස 5ක එක්දින නොනගතයක්.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (14 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වනු ඇත. මෙම තරගයෙන් අනතුරුව ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය වනතුරු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර එක්දින තරගයක් නොපැවැත්වීමද විශේෂත්වයකි.

තරගාවලියේ පළමු සහ දෙවෙනි තරග ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කළ අතර තරගාවලියේදී දක්නට ලැබූ පිතිකරුවන්ට උචිත තණතීරු පිළිබඳව ප්‍රේක්ෂකයන් සහ ක්‍රීඩකයින් ප්‍රංශසා කිරීමද දක්නට ලැබුණි. නිමා වූ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන්ට උචිත තණතීරු මත නිසියාකාරව ක්‍රීඩා නොකිරීම දැඩි ලෙස විවේචනයට ලක් වීමේ ප්‍රතිපලයක් ලෙස සාම්ප්‍රදායික දඟ පන්දුවට වඩා උචිත තණතීරු වෙනුවට පිතිකරුවන්ට සහ වර්තමාන ක්‍රිකට් ලොවට වඩා උචිත තණතීරු සැකසීම හැඳින්විය හැක.

කවදත් ශ්‍රී ලංකාවේ අනෙක් ක්‍රීඩාංගණයන්ට සාපේක්ෂව පිතිකරුවන්ට වැඩි වාසියක් ගෙන දුන් පල්ලේකැලේ තණතීරුව පළමු තරග දෙක පුරාවට වෙනදාටත් වඩා වැඩි වාසියක් පිතිකරුවන්ට ලබා දෙන ආකාරය දක්නට ලැබුණි. මෙවන් තණතීරුවක තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන ‘පන්දු රැකීම’ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දුර්වල අංගයක්ව තිබීම හේතුවෙන් නිමා වූ තරග පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. බොහෝවිට අද තරගයේදීත් පිතිකරණයට වඩා උචිත තණතීරුවක් හිමි වනු ඇත. එමෙන්ම තරගාවලිය මේ වන විටත් ජයග්‍රහණය කර අවසන් බැවින් පැතුම් නිස්සංක විවේක ගන්වා ශෙවෝන් ඩැනියෙල්ට ඉඩක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැක. එමෙන්ම එක් වේග පන්දු යවන්නෙක් විවේක ගන්වා චාමික කරුණාරත්න නැවත කැඳවීමේ ඉඩක්ද ඇත.

කාලගුණ වාර්තාවන්ට අනුව අද රාත්‍රියේ වලාකුළු ආවරණයක් පිටිය වටා දක්නට ලැබෙනු ඇති අතර රාත්‍රි 9 පමණ වන විට පින්න පතිත වීමටද ඉඩක් පවතී. මේ හේතුවෙන් දෙවන ඉනිමේ පළමු පන්දුවාර 20ක පමණ කාලයේදී පන්දුවේ වැඩි දෝලනයක් බලාපොරොත්තු විය හැක. එමෙන්ම අද දහවල් කාලයේත් වලාකුළු ආවරණයක් පල්ලේකැලේ අවට තිබෙනු ඇතැයි අනාවැකි පළ වී තිබීම හේතුවෙන් පළමු ඉනිමේ පන්දුවාර 20 – 25ක් පමණ වන තුරු වැඩි දෝලනයක් බලාපොරොත්තු විය හැක. කෙසේවෙතත් පළමු පන්දුවාර කිහිපයෙන් අනතුරුව පිතිකරුවන්ට පාරාදීසයක් බවට හැරවෙන මෙම තණතීරුවේදී කාසියේ වාසිය දිනා ගන්නා නායකයා පළමුවෙන් පන්දු යොමු කරනු ඇතැයි අනුමාන කළ හැක.

ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම –

ශෙවෝන් ඩැනියෙල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අසිත ප්‍රනාන්දු

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img