Saturday, March 28, 2026
30.4 C
Sri Lanka

රට පුරා හමුවන නාඳුනන සිරුරු.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති අතර එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බව පොලීසිය පවසයි.

කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ නිරුවත් මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත.

එම මළ සිරුර මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර, එය වයස අවුරුදු 35ත් 40ත් අතර උස අඩි 05යි අඟල් 08ක පමණ පිරිමි පුද්ගලයකුගේ බවට අනුමාන කළ හැකි බව වාර්තා වේ.

මේ අතර පෑලිගොඩ – 04 කණුව හා පට්ටිය හන්දිය අතර ප්‍රදේශයේ දී දුම්රියක ගැටුණු පුද්ගලයෙකුගේ නාඳුනන මෘත ශරීරයක් හමු වී ඇති අතර එය වයස අවුරුදු 35ක් පමණ වන උස අඩි 05ක පමණ පිරිමි පුද්ගලයෙකුගේ බව වාර්ථා වේ.

එසේ එම මළ සිරුරේ අවසන් වරට සුදු හා කළු ටී ෂර්ට් එකක් සම කළු දිග බොටම් කලිසමක් හැඳ සිට ඇති අතර, දකුණ අතේ වැලමිටෙන් පහළ පච්ච කොටා ඇති බව පොලීසිය පවසයි.

මේ අතර මාරවිල – ජයලත්ගම ප්‍රදේශයේ දී වගුරු බිමක නාඳුනන නවත් පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමු වී අත. මරණකරු වයස අවුරුදු 55ක් 60ක් පමණ වන උස අඩි 06ක පමණ පිරිමි පුද්ගලයෙකි.

මේ අතර, රාගම – කඩවත මාර්ගයේ රෝහල් වට රවුම ප්‍රදේශයේ ද පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට පඩිපෙළෙක නාඳුනන මළ සිරුරක් හමු වී ඇති අතර එම මරණකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, මරණකරු වයස අවුරුදු 60ත් 65ත් අතර වයසේ පසු වන, උස අඩි 05යි අඟල් 04ක පමණ පිරිමි පුද්ගලයෙකි. 

ඔහු අළු පැහැති සරමක් හා කළු පැහැති අත්කොට ටී ෂර්ට් එකක් හැඳ සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img