Saturday, March 28, 2026
30.1 C
Sri Lanka

මාස 5 බබා කාමරේ දමා, 21 හැවිරිදි තරුණ යුවල පැන යයි.

ලයින් කාමරක තාවකාලිකව පදිංචියට පැමිණි 21 හැවිරිදි තරුණ යුවලක් විසින් තම මාස පහක කුඩා දරුවෙකු ලයින් කාමරයක දමා පළා ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මොවුන් පසුගිය 22 වැනි දින වතු නිවාස පේලියේ පදිංචි පුද්ගලයෙකු අමතා තමන් විදේශ ගතවන බැවින් කාමරයේ සිටින පිරිමි දරුවා කාටහෝ දී රැකබලා ගැනීමට කටයුතු කරන ලෙස පවසා තිබෙනවා.

එසේ පවසා දරුවාගේ මව සහ පියා ඇමතුම් ලබා දුන් ජංගම දුරකථනය එදින පස්වරු 3.00 සිට ක්‍රියා විරහිතව තිබෙන බවත් ඔවුන් සැබෑ ලෙසම විදේශ ගත වූයේද නැතහොත් එසේ අඟවමින් මෙරට සැඟව රැඳී සිටින්නේද යන්න පොලීසිය මේ වනවිට විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඇමතුම ලද පුද්ගලයා විසින් අදාල සිද්ධිය සම්බන්ධව වතු පාලනාධිකාරිය දැනුවත් කර ඇති අතර වත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාව මගින් දරුවා දෙල්තොට රෝහලට ඇතුලත් කර තිබුණා.

මඩකළපුව වාකරය ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම යුවළ මෙයට සති දෙකකට පමණ පෙර මෙම ලයින් කාමරයක තාවකාලිකව පදිංචියට පැමිණ ඇති අතර ඔවුන්ට නවාතැන් ලබා දී ඇත්තේ මානසික ආබාධයකින් පෙලෙන මහළු කාන්තාවකි. කෙසේ වෙතත් යුවළ ඔවුන්ගේ ඥාතියෙකුද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බවත් අදාළ මහළු කත සැබෑ ලෙසම මානසික රෝගී තත්ත්වයෙන් පෙලෙන්නේද යන්න සම්බන්ධයෙන්ද පොලීසිය මේ වනවිට සැකයක් මතුව තිබෙනවා.

තරුණ යුවළ තාවකාලිකව මෙම ලයින් කාමරයට පැමිණ ඇත්තේ දරුවා එහි තබා පළා යාමටද යන්න සම්බන්දයෙන් ද පොලීසිය සැක පළ කරන අතර මව්කිරි ලබා දීමේ පහසුකම් රෝහල සතුව නොමැති බැවින් දරුවා පේරාදෙණිය රෝහල වෙත යොමු කර ඇතැයිද ගලහ දෙල්තොට රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසනවා.

කෙසේ වෙතත් පළා ගිය මව්පියන් සම්බන්ධව පොලීසිය මේ වන විට විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img