Friday, December 5, 2025
20.1 C
Sri Lanka

2500 වතාවක් මනමාලිට ඇන්දා දැන් බඳින්නයි කල්පනාව.

සුන්දර මනාලියක් විදිහට හැඩගැන්විලා ලස්සන විවාහ මංගල උත්සවයක් ගැනීම බොහෝ ගැහැනු ළමයින්ගේ හිතේ තියෙන සුන්දර සිහින අතරින් එකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. තවත් විදිහකට කියනවා නම් බොහෝ යුවතියන් සුන්දර මනාලියක් වෙන දවස එනකම් ඇඟිලි ගනිමින් බලාගෙන ඉන්නවා. ඉතින් අද අපි කියන්න යන්නේත් සුරූපී මනාලියක් ගැන කතාවක්. හැබැයි මේ කතාව අනික් කතාවලට වඩා ටිකක් වෙනස්. මේ සුරූපිනිය 2500 වතාවක් විතර මනමාලියක් ලෙස හැඩගැන්විලා තියෙනවාලු.

ඇය නමින් දිල්හානි වීරසිංහ. 2013 අවුරුද්දේ ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ දිල්හානි ඉන් අනතුරුව ටෙලිනාට්‍යය රංගන ශිල්පිනියක් ලෙසින් තම කලා ගමන ආරම්භ කරනවා. 

ළබැඳියේ, පළිඟු පියාපත්, සුසුමක ඉම, හුස්මක් තරමට, අහස් මාලිගා වගේ ටෙලිනාට්‍යයවලට ඇය රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා.

සකල ගුරු ටෙලිනාට්‍යයේ පුෂ්පා නෝනාගේ චරිතයෙන් දිල්හානි අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. සකලගුරු කියන්නේ තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කියලා දිල්හානි නිතරම කියන්නේ ඒකයි.  

ටෙලිනාට්‍යය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතරතුර දිල්හානි නිරූපණ ක්ෂේත්‍රය පැත්තටත් යොමු වෙනවා. 2014 වගේ තමයි ඇය ඇගේ නිරූපණ ගමන ආරම්භ කරන්නේ. 2014 ඉඳලා 2024 වෙද්දී ඇය මනමාලියක් ලෙසින් නිරූපණ කටයුතුවලට 2500 වතාවකටත් වඩා සම්බන්ධ වෙලා තියෙනවාලු. ඒ ගැන දිල්හානි අපිට කිව්වේ මේ වගේ කතාවක්.

 ” නිරූපණ ක්ෂේත්‍රයේදී මම මනමාලියක් හැටියටයි වැඩිපුරම හැඩ ගැන්වුණේ. මේ වෙද්දී 2500වතාවක් සමහර විට ඊටත් වඩා මනමාලියක් විදිහට නිරූපණය කරලා තියෙනවා. උඩරට බටහිර හතරට දමිළ කියන හැම සම්ප්‍රදායක්ම මම නියෝජනය කරලා තියෙනවා. වැඩිපුරම අවස්ථාව ලැබුණේ උඩරට මනාලියක් වෙන්න. මේ දවස්වල නම් මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ දමිළ මනාලියක් ලෙස නිරූපණ කටයුතු කරන්නයි”

 ඉතින් 2500 වතාවක් මනාලියක් ලෙස හැඩ ගැන්වුණු දිල්හානි ඇත්තටම මනමාලියක් වෙන දවස කවදාද කියලත් අපි ඇයගෙන් ඇහුවා..

 “දැන් ඉතින් ඇත්තටම මනමාලියක් වෙන්න කාලෙ හරි . මේ අවුරුද්දේ අවසානයේ හෝ ලබන අවුරුද්දේ මුල විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ දවසට මොන විදිහටද හැඩවෙන්නේ කියලා තමයි හිතා ගන්න බැරි. ඇත්තටම හැම සම්ප්‍රදායකට අනුවම මම මනමාලියක් විදිහට හැඩ වෙලා තියෙනවා නේ. ඒ නිසා තෝරා ගන්න විලාසිතාවක් නැති තරම්. කොහොම වුණත් පහතරට මනාලිය ලෙසින් මම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙන්නේ අඩු වාර ගණනක් නිසා වෙඩින් එක දවසට පහතරට මනාලියක් විදිහට හැඩ වෙන්නයි දැනට නම් ප්ලෑන් කරලා තියෙන්න.

0767470666

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img