Friday, March 27, 2026
28.9 C
Sri Lanka

අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් ලක්ෂ 40ක් ඉපයූ තරුණ ගොවියා කියන කතාව.

අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය – ඌරාකොටේ ගම්මානයෙන් වාර්තා වෙනවා.

කොමඩු වගාකල මෙම දිරිය ගොවි ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන නැමති 39 හැවිරිදි දෙදරු පියෙකි.

අක්කරයක සිදු කල කොමඩු වගාවෙන් කිලෝ විසි එක්දහසක පමණ අස්වැන්නක් ලබාගැනීමට හැකි වූ බවත් එය කිලෝ එකක් රුපියල් එකසීය අසූවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි වූ බවත් එම ගොවි මහතා පැවසීය.

“2023 දෙසැම්බර් මාසයේ තමයි මම මේ කොමඩු වගාව පටන් ගන්නේ, දෙසැම්බර් මාසය කියන්නේ රජරට පොළොවේ කොමඩු වගා කරන කාලයක් නෙමෙයි. ඒ කාලයේදී සම්පූර්ණයෙන්ම පොළොවේ සීතල නිසා කොමඩු පැල විනාශ වෙනවා. හැබැයි මට පුළුවන්කම ලැබුණා නවීන තාක්ෂණයත් එක්ක අලුත් ක්‍රමයකට කොමඩු වගා කරන්න.

මේ නවීන තාක්ෂණයේ මුලින්ම ජල නළ පද්ධතියක් සවිකර තිබෙනවා ඒ නල පද්දතිය මැදින්, ටේප් එක ගිහින් තියෙනවා, ඊට උඩින් මාච් එක දාලා තියෙනවා. එයට කියන්නේ බිංදු ජල වගා ක්‍රමය කියලා.

හොඳ අස්වැන්නක් ලැබුණා, ඒ අස්වැන්න හොඳ මිලකට මට දෙන්න හැකියාව ලැබුණා. ඒකට හේතුව කොමඩු හිඟ වැස්ස අධික කාලයේ වගා කරපු නිසා මට හොඳ මිලක් ලැබුණා.

අධික වර්ෂාව තියෙන කොට මේ ප්‍රදේශයේ ගොඩක් ගොවීන්ගේ වගාවන් විනාශ වෙලා ගියා. හැබැයි මේ නව තාක්ෂණික ක්‍රමයට මේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ හම්බ වෙච්ච ව්‍යාපෘති කට්ටලයෙන් මිරිස් වගාව අවසන් කරලා තමයි මම එය කොමඩු වගාවේ භාවිතයට යොදා ගත්තේ, හැබැයි මට ඒ වෙලාවේ මුදල් තිබ්බේ නෑ. කොමඩු ඇට ටින් 6ක ප්‍රමාණයක් වත් මිලදී ගන්න. මම මගේ බයිසිකලේ උකස් තියලා තමයි පලවෙනි කොමඩු ඇට ටින් ගත්තේ මේ වගාව ආරම්භ කරන්න.

දෙසැම්බර් මාසේ තද වැස්සේ මේ වගාව සාර්ථක වෙනවා මම දැක්කා මගේ හැම කොමඩු කිලෝ එකක්ම රුපියල් එකසිය හැත්තෑවට වැඩි මිලකට විකුණ ගන්න හැකියාව මට ලැබුණා. මටම කියලා වගා ඉඩම් නැහැ මම බද්දට ගත්ත අක්කරයක භූමියෙන් කොමඩු කිලෝ 21000කට වැඩි ප්‍රමාණයක අස්වනු නෙලලා අලෙවි කරලා තියෙනවා. මේ වගාවේ තව අවසාන මුරේ අස්වැන්න නෙලන්න තියෙනවා. මම රුපියල් ලක්ෂ 40ක ආදායමක් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල මේ කොමඩු වගාවෙන් උපයා ගෙන තිබෙනවා”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img