Thursday, March 26, 2026
20.6 C
Sri Lanka

මේ කෙටි පණිවුඩය ආවොත් ප්‍රවේසම් වන්න.

තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම්දෙන්නේ එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසටය.

පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් සිදුකරන බවට හෙළිවී තිබේ.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුව විසින් කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගණුදෙනුවක් සිදු නොකෙරෙන බවය.

එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව 1950, තොරතුරු තාක්ෂණ අංශය 011 2542104,011 2334728, 0112335978, 011 2687229, 011 2330072 යන අංක වෙත ඇමතීමෙන් ලබාගත හැකිය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img