Thursday, March 26, 2026
19.7 C
Sri Lanka

මම ඇඟ පේන්නෙ නැති සරල විලාසිතා තමයි කරන්නෙ..

අංජලී ගැන විස්තර ටිකක් කියමුද?

මගේ නම අංජලී වත්සලා ජයසිංහ. පදිංචිය මහනුවර මේ වෙද්දි නිළියක් සහ නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා.

කොහොමද රංගන ක්ෂේත්‍රයට ආවෙ?

මම වසර කීපයක ඉඳලා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ අතරතුරේදි කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ වත්සලාගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබෙනවා. මගේ දෙවැනි රංගනය තමයි සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ අංජලීගේ චරිතය. හැබැයි පුදුමෙ කියන්නෙ මේ ටෙලි නාට්‍යය දෙකේදිම චරිතවලට තියෙන්නෙ මගේ ඇත්ත නම.

තමන්ගෙ නම තියන චරිතවලින්ම ප්‍රේක්ෂකයා අතරට යන්න ලැබුණ එක ගැන මොකද හිතන්නෙ?

චරිතවලට මගේ නම තියන නිසා ප්‍රේක්ෂකයා අතර මාව කැපිලා පේනීමේ වැඩි හැකියාවක් තියනවා. ඉතින් ඒක නිළියකට කලාතුරකින් ලැබෙන වාසනාවක් කිව්වොත් හරි.

පවුලෙ අය කැමති වුණාද නිළියක් වෙනවට?

මගේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි. අම්මගෙයි තාත්තාගෙයි නම් කිසිම අකමැත්තක් නැහැ මම රඟපානව⁣ට. මගේ ආරක්ෂාවට අම්මා රූගත කිරීම් කරන තැන්වලටත් එනවා. නංගිත් හරි කැමතියි මාව නිළියක් විදිහට දකින්න.

සැබෑ ජීවිතයේදිත් සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ අංජලී වගේද?

ඒ අංජලීට වැඩිය ඇත්ත අංජලී ටිකක් වෙනස්. සිකුරු ඇවිත් අංජලී අහිංසකයි වගේම ටිකක් මුරණ්ඩුයි. හැබැයි ඇත්ත අංජලී දඟයි වගේම කටකාරයි. මුරණ්ඩුකමත් ටිකක් විතර තියනවා.

නුවර කෙල්ලො ලස්සනයි කියලා කතාවක් තියනවා. ගම නුවර හින්ද ද ලස්සන රූපයක් තියෙන්නෙ?

ගංගා ඇළ දොළ කඳු මිටියාවත්වලින් වටවෙලා හොඳ දේශගුණික පරිසරයක් තියන පළාතක් තමයි නුවර කියන්නෙ. ඉතින් විෂ වායු අඩු හරිත පරිසරයක් නිසා නුවර මිනිස්සු ලස්සනට ඉන්නවා. සමහර විට මාත් ලස්සනට ඉන්නවා ඇත්තෙ ඒ නිසා වෙන්නැති.

ඇඟේ හැඩය ලස්සනට තියාගන්න මොනවද කරන්නෙ?

ඇඟ ලස්සනට තියාගන්න ඕන. හැබැයි එහෙම කියලා නොකා ඉන්නත් බැහැනෙ. පුරුද්දක් විදිහට මම හොඳට කනවා. කාලා ඇඟ අඩුකර ගන්න ව්‍යායාම කරන එක තමයි මම කරන්නෙ.

වැඩිපුර කරන්න කැමති විලාසිතා මොනවද?

මම වැඩිය සෝබන විලාසිතාවලට කැමති නැහැ. නිරූපණයේදි වුණත් වැඩිය ඇඟ පේන්නෙ නැති සරල විලාසිතා තමයි මම කරන්නෙ.

සමහරු කියනවා සදෙව්ව ඇත්තටම අංජලීට ගැළපෙනවා කියලා..

සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයෙදි නම් ඉතින් සදෙව්ට අංජලීව ගැළපෙනවා. හැබැයි ඇත්ත ජීවිතේ නම් සදෙව්ටයි අංජලීටයි ආදරය ගැන හිතන්න බැහැ. ඇත්තටම සදෙව්ගෙ චරිතය රඟපාන ⁣හිමේන්ට වැඩිය මම වයසින් වැඩිමල්. ඒ වුණාට හිමේන් කියන්නෙ කැමරාව ඉස්සරහා හොඳ ආදරවන්තයෙක්. ඒ වගේම හොඳ කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. මගේ චරිතය හොඳට කරන්න එයා ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා.

ආදරය ගැන ඇත්තටම මොකද හිතන්නෙ?

සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ රඟපෑවට තාම මට සිකුරු ලබලා නැහැ. මම තාම ආදරවන්තියක් නෙමෙයි. ඉතින් ඒ ගැන එච්චර අත්දැකීමක් නැති නිසා වැඩි දෙයක් කියන්න දන්නෙ නැහැ.

සදෙව් වගේ ගතිගුණ තියන කෙනෙක්ගෙන් ආරාධනාවක් ආවොත්?

තාම සදෙව් එක්ක ආදරයෙන් බැඳිලා නැති නිසා සදෙව්ගෙ ගතිගුණ නම් ඒ තරම් දන්නෙ නැහැ. හැබැයි දැනෙන විදිහට සදෙව් කියන්නෙ අහිංසක තැන්පත් කරුණාවන්ත කෙනෙක්. ඉතින් මාත් කැමතියි කවදාහරි ඒ විදිහෙ පෙම්වතෙක් මට ඉන්නවට.

සිකුරු ඇවිත් කියන්නෙ යෝජිත විවාහයක් කරන්න ගිහින් ආදරයක් ඇතිවෙන ටෙලි නාට්‍යයක්. ඉතින් ඇත්තටම විවාහවෙන්න කැමති යෝජිත විවාහයකින්ද, නැත්තන් ආදර විවාහයකින්ද?

යෝජිත විවාහ වරදක් නැහැ හොඳයි. හැබැයි ආදරය විවාහ⁣වලදි දෙන්නට දෙන්නා කාලයක් තිස්සෙ අඳුරගෙන කතාබහ කරලා තේරුම් අරන් විවාහ වෙන නිසා ආදර විවාහයකට තමයි වැඩිපුර කැමති.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img