Monday, September 23, 2024
26.1 C
Sri Lanka

උපත් අනුපාතය ‘ඉහළ දමන්න’ අධිවේගී දුම්රිය සේවාවක්.

රැකියාවෙන් පසු වේලාසනින් නිවාස වෙත යෑමට සේවක සේවිකාවන්ට පහසුව සැලැසීමට අධිවේගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිඑබ්නවා.

එරට රජය මෙවැනි පියවරක් ගැනීමට තීරණය කර ඇත්තේ පහත වැටී ඇති උපත් අනුපාතය ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් ලෙස බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

සෝල් අගනුවර නිවාස සඳහා අධික මිලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් දුර බැහැර පළාත්වල සිට දිගු ගමනකින් පසු අගනුවර සේවයට පැමිණෙන එරට බොහෝ තරුණ තරුණියන් විවාහ වීමට සහ පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට අසීරු තත්ත්වයක පසුවීම උපත් අනුපාතය පහළ වැටීමට හේතුවක් බව මීට පෙර වාර්තා වී තිබුණා.

මෙවැනි හේතු රැසක් මත මේ වන විට දකුණු කොරියාව ලොව අඩුම උපත් අනුපාතය ඇති රට බවට ද පත් වී තිබෙනවා.

එබැවින් දුර බැහැර සිට අගනුවර සේවයට පැමිණෙන තරුණ තරුණියන්ට ඔවුන්ගේ සහකරුවන් හා සහකාරියන් සමඟ වැඩි වේලාවක් ගත කිරීමට අවශ්‍ය කාලවේලාව සලසා ගැනීම සඳහා වේලාසනින් නැවත නිවාස වෙත යෑම සඳහා අගනුවර සිට මාර්ග 6කට අධිවේගී දුම්රිය යෙදවීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා.

දකුණු කොරියානු මුදලින් වොන් ට්‍රිලියන 134ක් වැය කිරීමට අපේක්ෂිත මේ ව්‍යාපෘතියේ සෝල් අගනුවර සුසේයෝ ප්‍රදේශයේ සිට අගනුවරට දකුණින් පිහිටි ඩොංටන් දක්වා මිනිත්තු 19කින් ළඟාවිය හැකි පළමු දුම්රිය මාර්ගය පසුගියදා ජනාධිපති යූන් සුක් යෝල් අතින් විවෘත වුණා.

දකුණු කොරියානු රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img