Tuesday, March 24, 2026
28.1 C
Sri Lanka

උපත් අනුපාතය ‘ඉහළ දමන්න’ අධිවේගී දුම්රිය සේවාවක්.

රැකියාවෙන් පසු වේලාසනින් නිවාස වෙත යෑමට සේවක සේවිකාවන්ට පහසුව සැලැසීමට අධිවේගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිඑබ්නවා.

එරට රජය මෙවැනි පියවරක් ගැනීමට තීරණය කර ඇත්තේ පහත වැටී ඇති උපත් අනුපාතය ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් ලෙස බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

සෝල් අගනුවර නිවාස සඳහා අධික මිලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් දුර බැහැර පළාත්වල සිට දිගු ගමනකින් පසු අගනුවර සේවයට පැමිණෙන එරට බොහෝ තරුණ තරුණියන් විවාහ වීමට සහ පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට අසීරු තත්ත්වයක පසුවීම උපත් අනුපාතය පහළ වැටීමට හේතුවක් බව මීට පෙර වාර්තා වී තිබුණා.

මෙවැනි හේතු රැසක් මත මේ වන විට දකුණු කොරියාව ලොව අඩුම උපත් අනුපාතය ඇති රට බවට ද පත් වී තිබෙනවා.

එබැවින් දුර බැහැර සිට අගනුවර සේවයට පැමිණෙන තරුණ තරුණියන්ට ඔවුන්ගේ සහකරුවන් හා සහකාරියන් සමඟ වැඩි වේලාවක් ගත කිරීමට අවශ්‍ය කාලවේලාව සලසා ගැනීම සඳහා වේලාසනින් නැවත නිවාස වෙත යෑම සඳහා අගනුවර සිට මාර්ග 6කට අධිවේගී දුම්රිය යෙදවීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා.

දකුණු කොරියානු මුදලින් වොන් ට්‍රිලියන 134ක් වැය කිරීමට අපේක්ෂිත මේ ව්‍යාපෘතියේ සෝල් අගනුවර සුසේයෝ ප්‍රදේශයේ සිට අගනුවරට දකුණින් පිහිටි ඩොංටන් දක්වා මිනිත්තු 19කින් ළඟාවිය හැකි පළමු දුම්රිය මාර්ගය පසුගියදා ජනාධිපති යූන් සුක් යෝල් අතින් විවෘත වුණා.

දකුණු කොරියානු රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img