Tuesday, March 24, 2026
28.1 C
Sri Lanka

අතිදක්‍ෂ වෙඩික්කරුවන් සීයක් මහ පාරට.

මිනිස් ඝාතන සිදුකර පලා යන පාතාල කුලී මිනීමරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිදක්‍ෂ වෙඩික්කරුවන් සියදෙනකුගෙන් සමන්විත විශේෂ යතුරුපැදි ඒකකයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විශේෂ යතුරුපැදි ඒකකය සඳහා අධිවේගී ට්‍රේල් යතුරුපැදි 50ක් යොදවා ඇති බව සඳහන්.

මෙම ඒකකය සඳහා අතිදක්‍ෂ වෙඩික්කරුවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර එම නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට ද නියමිතයි.

පාතාල අපරාධකරුවන් බහුල වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනාගෙන මෙම විශේෂ ඒකකයේ කුඩා කණ්ඩායම් එම ප්‍රදේශවල යෙදවීමට පියවර ගනිමින් සිටිනවා.

මෙම කණ්ඩායම් ස්ථාපිත කර ඇති ප්‍රදේශවල පාතාල කුලී මිනීමරුවන් විසින් මිනිස් ඝාතනයක් සිදු කළහොත් ඔවුන් ලුහුබැඳ ගොස් ඒ අවස්ථාවේම වෙඩි තබා එම අපරාධකාරයන් මෙල්ල කිරීමට මෙම විශේෂ යතුරුපැදි බළකායේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ඒකකය සඳහා බඳවා ගන්නා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට යතුරුපැදි ධාවනය වෙද්දී එහි සිටගෙන වෙඩි තැබීමට එක් එක් දිශාවන්ට හැරී සතුරු ඉලක්කයට වෙඩි තැබීමට අවශ්‍ය පුහුණුව ලබා දෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

මෙසේ ස්ථාපිත කරන පොලිස් යතුරුපැදි ඒකකයේ කණ්ඩායම් ඇල්පිටිය, අම්බලන්ගොඩ, කරන්දෙනිය, වැලිගම, මාතර, ගාල්ල, මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, රත්මලාන ඇතුළු පාතාල අපරාධ බහුලව සිදුවන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිතයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img