Monday, September 23, 2024
31.2 C
Sri Lanka

අතිදක්‍ෂ වෙඩික්කරුවන් සීයක් මහ පාරට.

මිනිස් ඝාතන සිදුකර පලා යන පාතාල කුලී මිනීමරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිදක්‍ෂ වෙඩික්කරුවන් සියදෙනකුගෙන් සමන්විත විශේෂ යතුරුපැදි ඒකකයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විශේෂ යතුරුපැදි ඒකකය සඳහා අධිවේගී ට්‍රේල් යතුරුපැදි 50ක් යොදවා ඇති බව සඳහන්.

මෙම ඒකකය සඳහා අතිදක්‍ෂ වෙඩික්කරුවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර එම නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට ද නියමිතයි.

පාතාල අපරාධකරුවන් බහුල වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනාගෙන මෙම විශේෂ ඒකකයේ කුඩා කණ්ඩායම් එම ප්‍රදේශවල යෙදවීමට පියවර ගනිමින් සිටිනවා.

මෙම කණ්ඩායම් ස්ථාපිත කර ඇති ප්‍රදේශවල පාතාල කුලී මිනීමරුවන් විසින් මිනිස් ඝාතනයක් සිදු කළහොත් ඔවුන් ලුහුබැඳ ගොස් ඒ අවස්ථාවේම වෙඩි තබා එම අපරාධකාරයන් මෙල්ල කිරීමට මෙම විශේෂ යතුරුපැදි බළකායේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ඒකකය සඳහා බඳවා ගන්නා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට යතුරුපැදි ධාවනය වෙද්දී එහි සිටගෙන වෙඩි තැබීමට එක් එක් දිශාවන්ට හැරී සතුරු ඉලක්කයට වෙඩි තැබීමට අවශ්‍ය පුහුණුව ලබා දෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

මෙසේ ස්ථාපිත කරන පොලිස් යතුරුපැදි ඒකකයේ කණ්ඩායම් ඇල්පිටිය, අම්බලන්ගොඩ, කරන්දෙනිය, වැලිගම, මාතර, ගාල්ල, මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, රත්මලාන ඇතුළු පාතාල අපරාධ බහුලව සිදුවන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිතයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img