Tuesday, March 24, 2026
18.3 C
Sri Lanka

මෙල්බන් කාන්තාවක් ‘පෙම්වතාගේ මුල්‍ය වංචාවෙන් ගැලවූ’ ශ්‍රී ලාංකික බැංකු නිලධාරියා.

සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ තම පෙම්වතා බව කියන පුද්ගලයෙකුගේ මුල්‍ය වංචාවකට හසුවීමට ගිය මෙල්බන් පදිංචි කාන්තාවක් ඉන් බේරා ගැනීමට ශ්‍රී ලාංකික බැංකු නිලධාරියෙකුට හැකිවී තිබෙනවා.

අදාළ කාන්තාව තම පෙම්වතා බව කියන විදේශිකයෙකුට මුදල් යැවීම සඳහා ජාතික ඔස්ට්‍රේලියානු බැංකුවේ (NAB) මෙල්බර්න් ශාඛාවකට ගොස් තිබුණා.

එහෙත් එම බැංකුවේ පාරිභෝගික උපදේශක නිලධාරියා ලෙසට සිටි ශ්‍රී ලංකිකයෙකු වන ඩිලාන් පතිරණට මෙම කාන්තාව ලබාදුන් තොරතුරු පිළිබඳ ඇති වූ සැකයක් මත වැඩිදුරටත් සොයා බලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, එම කාන්තාව දැඩි ලෙස ප්‍රකාශ කර ඇත්තේ තුර්කියේ සිටින තම පෙම්වතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යාමට ඩොලර් 2000ක් යැවිය යුතු බවයි.

එහෙත් මෙම කාන්තාවට සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ පෙම්වතාගේ ගිණුම අත්හිටුවා ඇති බැවින් එම මුදල් යැවීමට නොහැකි වූ බව ඩිලාන් පතිරණ පවසා තිබෙනවා,

මුදල් ලබා දෙනු ලබන්නේ කාට ද යන්න ඇය නොදැන සිටි අතර එම පුද්ගලයා ඇය කිසි විටෙකත් මුණගැසී නොතිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකික බැංකු සේවකයා ඔස්ට්‍රේලියා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙවැනි මුල්‍ය වංචාකරුවන් ඉතා කපටි වන අතර මිනිසුන්ගේ කරුණාව හේතුවෙන් එවැනි වංචනිකයන්ට හසුවන බවයි.

අනතුරුව බැංකුවේ මූල්‍ය වංචා විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් මෙම කාන්තාව වංචාවකට හසුවී සිටින බවට දැනුවත් කර ඇති අතර ඇය මෙම වංචාවෙන් ගලවා ගැනීම පිළිබඳ ශ්‍රී ලාංකික බැංකු සේවකයාට ස්තූතිවන්ත වී තිබෙනවා.

ඇයට බැංකු නිලධාරීන් උපදෙස් ලබා දෙමින් සිටියදි සැකකාර විදේශ ජාතිකයා මෙම කාන්තාවට ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඇය කළ කරුණු විමසීම්වලින් සැකකරුගේ වංචාව පිළිබඳ වටහා ගත් බව සඳහන්.

NAB බැංකුවේ පාරිභෝගික වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රේම සබඳතා සම්බන්ධ මුල්‍ය වංචා පිළිබඳ සිදුවීම් පසුගිය වසරේ සිට සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img