Monday, March 23, 2026
19.7 C
Sri Lanka

පාලමෙහි ගැටුණු නැවට අමෙරිකාව යන්න දෙන්නෙ නෑ.

අමෙරිකාවේ බැල්ටිමෝර් පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලයට පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එහි රැඳී සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජෝන් කොන්රඩ් නමැති බලපත්‍රලාභී භාණ්ඩ නෞකා නියමුවාට අමතරව සෙසු කාර්ය මණ්ඩලය ඉන්දීය ජාතිකයන්ගෙන් සමන්විත බව මුලදී වාර්තා වූවද, එහි ඉන්දීය ජාතිකයන් 20 දෙනකු සහ ශ්‍රී ලාංකික ජාතිකයකු සිටින බව අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය පසුව තහවුරු කළ බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු එම නෞකාව පාලමෙහි ගැටීමෙන් සුළු තුවාල ලබා ඇති අතර, සෙසු සියලුදෙනාම නිරුපද්‍රිතව පූර්ණ ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් සඳහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

කෙසේ වුවද පරීක්ෂණ කටයුතු අවසන් වන දිනය හෝ භාණ්ඩ නෞකාව යළි ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කරන දිනය හෝ මෙතෙක් දැනුම් දී නැති අතර, එතෙක් නෞකාවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාර, ජලය ඇතුළු සෙසු පහසුකම් සැපැයීමට පියවර ගෙන ඇතැයි වාර්තාවනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img