Sunday, March 22, 2026
21.8 C
Sri Lanka

පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන ආදායම සොයයි.

පෞද්ගලික පාසල් හා සිසුන් සියයට වැඩි මහාපරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ආරම්භ කිරීමට නියමිත යාන්ත්‍රණය සදහා සම්පුර්ණ සහය ලබා දීමට ග්‍රාම නිලධාරින් සුදානම් වේ.

මෙලෙස උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

ඒ අනුව ඊට අවශ්‍ය සියලු සහාය සහ අවශ්‍ය සියලු තොරතුරු ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසීය.

එමෙන්ම මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සදහා ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය බලතල ලබා දෙන ලෙසත් ඒ සඳහා සාධනීය ගෙවීමක් කරන ලෙසත් සභාපතිවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

කෙසේ වෙතත් මෙම ආයතනවලට අමතරව සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන, පෞද්ගලික රෝහල්, මිනින්දෝරුවන්, ඉංජිනේරුවන්, නීති ආයතන සහ රූපවාහිනී මෙන්ම ගුවන් විදුලි සේවාවන් සඳහා ද මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙසත් කාරක සභාව නිර්දේශයේ සඳහන් වෙයි.

මෙම ආයතන මගින් උපයන සැබෑ ආදායම පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම අභියෝගාත්මක විය හැකි නමුත් ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව ප්‍රශ්නාවලියක් මගින් එම තොරතුරු ලබා ගැනීමට හැකි බවත් එම කාරක සභාව විසින් පසුගිය පළමුවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන්ව ඇත.

මෙම වාර්තාව කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර තිබුණි.

මේ පිළිබඳව ඊයේ (04) ‘දිනපතා අරුණ’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් කරුණු අනාවරණය කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img