Sunday, March 22, 2026
26.9 C
Sri Lanka

විශේෂ බස් ධාවනය අද සිට.

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් වූ විශේෂ බස් රථ සේවාව අද (05) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලායෑම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා  අමතර බස් රථ 200ක් පමණ ධාවනයට යොදවන බව එම මණ්ඩලය පැවසීය.

ඒ අනුව කොළඹ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද ලබන 10 වනදා සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම සේවාව යටතේ දෛනිකව විශේෂ දුම්රිය ගමන්වාර 12ක් පමණ යෙදවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව ලබන 15 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img