Wednesday, September 25, 2024
23.4 C
Sri Lanka

අලුත් අවුරුද්ද පෙනෙන මානයේ එළවළු මිල අඩියටම වැටෙයි.

වසර දහයකට පමණ පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක  තොග මිල  ඊයේ වන විට රුපියල් හතළිහත් පනහත්  අතර මිලකට පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් පවසනවා.

සෑම එළවළු වර්ගයකම මිල සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් එළවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම වැඩිවීම සහ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් අඩුවීම එළවළු මිල පහත වැටීමට හේතු වී තිබෙනවා.

ඊයේ දහවල් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ  ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් ලැබී තිබුණා.

සෑම එළවළු වර්ගයකම මිල සීඝ්‍රයෙන් පහත වැටීමට, විශේෂයෙන් බෝංචි කිලෝව රුපියල් හතළිහක් පනහක් දක්වා පහත වැටීමට එය හේතු වූ බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති සී එස් සිරිවර්ධන පැවසුවේ.

බණ්ඩක්කා, වැටකොලු, කැකිරි, පිපිඤ්ඤා, වම්බටු යන එළවළු වර්ගවල කිලෝවක තොග මිල රුපියල් පහළොවත් හතළිහත් අතර වන බවද ඔහු කියා සිටියා. 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවීන් සඳහන් කලේ මේ දිනවල තමන්ට එළවළු ප්‍රවාහනය කිරීමට වැයවන  මුදලවත්  සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

අමු මිරිස්, නෝකෝල්, තක්කාලි, බණ්ඩක්කා, මෑ කරල් වැනි එළවළු වර්ග අලවි නොවීම නිසා ගොවීන් අසීරුතාවයකට පත්ව සිටිනවා.

ඇතැම් ගොවීන් පැවසුවේ කුමන හෝ මිලකට මෙම එළවළු තොග ලබා දී තමන්ට නිවෙස්වලට යෑමට සිදුව ඇති බවයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img