Sunday, March 22, 2026
26.9 C
Sri Lanka

අලුත් අවුරුද්ද පෙනෙන මානයේ එළවළු මිල අඩියටම වැටෙයි.

වසර දහයකට පමණ පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක  තොග මිල  ඊයේ වන විට රුපියල් හතළිහත් පනහත්  අතර මිලකට පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් පවසනවා.

සෑම එළවළු වර්ගයකම මිල සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් එළවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම වැඩිවීම සහ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් අඩුවීම එළවළු මිල පහත වැටීමට හේතු වී තිබෙනවා.

ඊයේ දහවල් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ  ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් ලැබී තිබුණා.

සෑම එළවළු වර්ගයකම මිල සීඝ්‍රයෙන් පහත වැටීමට, විශේෂයෙන් බෝංචි කිලෝව රුපියල් හතළිහක් පනහක් දක්වා පහත වැටීමට එය හේතු වූ බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති සී එස් සිරිවර්ධන පැවසුවේ.

බණ්ඩක්කා, වැටකොලු, කැකිරි, පිපිඤ්ඤා, වම්බටු යන එළවළු වර්ගවල කිලෝවක තොග මිල රුපියල් පහළොවත් හතළිහත් අතර වන බවද ඔහු කියා සිටියා. 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවීන් සඳහන් කලේ මේ දිනවල තමන්ට එළවළු ප්‍රවාහනය කිරීමට වැයවන  මුදලවත්  සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

අමු මිරිස්, නෝකෝල්, තක්කාලි, බණ්ඩක්කා, මෑ කරල් වැනි එළවළු වර්ග අලවි නොවීම නිසා ගොවීන් අසීරුතාවයකට පත්ව සිටිනවා.

ඇතැම් ගොවීන් පැවසුවේ කුමන හෝ මිලකට මෙම එළවළු තොග ලබා දී තමන්ට නිවෙස්වලට යෑමට සිදුව ඇති බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img