Friday, September 27, 2024
21.1 C
Sri Lanka

නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධයයි.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනපති පවසයි
දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධය බවට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළද ලෝකය සමඟ පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් රට පසුපසට ගමන් කරන බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (05) පස්වරුවේ පැවති කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 2022 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
විද්‍යාලය වෙත සපැමිණි ජනාධිපතිවරයා සිසු දැරියන් විසින් මහත් හරසරින් පිළිගත් අතර ජ්‍යෙෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩායම, ජ්‍යෙෂ්ඨ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම සහ නර්ථන කණ්ඩායම විසින් ජනාධිපතිවරයා උත්සව සභාව වෙත කැඳවා ගෙන එනු ලැබීය.
2022 වසරේ උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම සියළු විෂයයන් සඳහා විශිෂ්ට සමාර්ථ හිමි කර ගත් ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග පිරිනැමීම මෙන්ම එම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට මඟ පෙන්වූ ගුරුවරුන් සහ 2022 වසරේ අඩුම නිවාඩු ලබා ගත් ගුරුවරුන් ඇගයීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
සුවිශේෂ කුසලතා වෙනුවෙන් පිරිනැමෙන අභියෝගතා කුසලාන ද සිසුවියන් සිව් දෙනෙකු වෙත පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර විද්‍යාලයේ 2022 වසරේ වඩාත් කැපී පෙනෙන ශිෂ්‍යාවට හිමි “ආචාර්ය සුමේධා ජයවීර” අභියෝගතා කුසලානය ජී. ඩී. රනලි ඉමාෂා විමලරත්න ශිෂ්‍යාවට හිමි විය.
විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වුවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාසලේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබිය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා කටයුතු කළ සමයේ මෙම පාසල දියුණු කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. එහි ප්‍රතිඵල අද දකින්න තිබෙනවා. මගේ ජිවිතයේ ඉතා අසීරු කාලය තුළ මා ජීවත්වූයේ මේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය අසලයි. පසුගිය වසර දෙක තුළදී නැවත මේ රට වැටෙන්නට ඉඩ නොතබා රට ක්‍රමානුකූලව ගොඩනැඟීමට අපට හැකි වුණා. එය ප්‍රමාණවත් වන්නේ නැහැ. අප තව වසර 05ක් 10ක් මේ ගමන ඉදිරියට යා යුතුයි.
එහිදී අපි රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳවද සිතිය යුතුයි. ඔබ සියලුදෙනා ඉදිරියේදී එක්වන්නේ ඉතා සීග්‍රයෙන් දියුණුවන සමාජයකටයි. ඒ සඳහා ඔබ සූදානම් කිරීම රජයේ වගකීම වෙනවා. ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය සමඟ අද දරුවන්ට නවීන ලෝකය සමඟ සම්බන්ධවීමට අවස්ථාව ලැබී තිබෙනවා.එය අධ්‍යාපනයේ අලුත් ආයුධයක්.‍

අප රටක් ලෙස දියුණු විය යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ලෝකය සමඟ එක්ව අප මේ ගමන යා යුතුයි. ඒ සඳහා සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා දැනුම හා තාක්ෂණය අවශ්‍යයි. Smart Agriculture කියන්නේ වචනයක් නොවෙයි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා ගත යුතුයි. ඒ වගේම බ්ලොක් චේන්ච් තාක්ෂණය එකවර ලබා ගත නොහැකියි. ඒ සඳහා ද දැනුම අවශ්‍යයි.
අද ලෝකයේ ආණ්ඩු සහ ඔන්ලයින් සමාගම් අතර විශාල කඹ ඇදීමක් තිබෙනවා. අද සෑම රටක්ම පුරුදුව සිටින්නේ තමන්ගේ බල ප්‍රදේශය තුළ සියලු දේ පාලනය කිරීමටයි. නමුත් දැන් ඔන්ලයින් වැඩසටහන් නිසා කිසිවක් පාලනය කිරීමට නොහැකිව තිබෙනවා. අසභ්‍ය කටයුතු පාලනය කළ නොහැකි නිසා ඒ සඳහා නීති ගෙන ඒමට සිදු වෙලා තිබෙනවා.
මේ සීග්‍රයෙන් වෙනස්වන ලෝකය තුළ දැනුම වර්ධනය කර ගැනීම ඉතා අවශ්‍යයි. දැනුම අලුත් කර නොගෙන ලෝකය සමඟ ඉදිරියට යන්න බැහැ. ඒ නිසා දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යය බවට පත් වෙනවා. මේ සඳහා මෙරට පාසල් පද්ධතියේ පරිවර්තනයක් ඇති කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම පළාතකම අධ්‍යාපන මණ්ඩලයක් ඇති කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂා දැනුම ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට ද ලබාදිය යුතුයි. ඒවගේම පාසල් දරුවන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම වගේම ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම සිදුකළ යුතුව තිබෙනවා.
කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අද ලෝකය සූදානම් වී සිටිනවා. අපත් එම දැනුම ලබාගත යුතුයි. එවිට අපට මෙම නවීන තාක්ෂණය සමග ඉදිරියෙන් සිටිමට හැකි වෙනවා. ඒ නිසා AI තාක්ෂණය පාසල් විෂය මාලාවට එක් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෙය සාර්ථකව ක්‍රියාත්මක කළ විට ඉන්දියාවටත් වඩා AI තාක්ෂණයෙන් ඉදිරියට යාමට අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා නව නීති ගෙන ඒමට ද අප කටයුතු කරනවා.
හරිත විශ්වවිද්‍යාලය පිළිගත් විශ්වවිද්‍යලයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එවිට තවත් නව විශ්වවිද්‍යාලයක් රට තුළ බිහි වෙනවා. ඒ වගේම මම ඉන්දියාවේ සිදුකළ නිල සංචාරයකදී චෙනායි IIT හි මණ්ඩපයක් අපේ රටට ලබාදීමට මෝදි අගමැතිතුමා පොරොන්දු වුණා. ඒ වගේම කුරුණෑගල, සීතාවක සහ තවත් ප්‍රදේශයක තාක්ෂණික විශ්වවිද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට මම මුදල් වෙන් කර තිබෙනවා. මෙම නව තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම සඳහා එම විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනැගෙනවා.
ඒ වගේම SLIIT Campus එක තවදුරටත් දියුණු වී විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට කටයුතු කරන බවට මා දැනුවත් කර තිබෙනවා. එසේනම් අපට අවශ්‍ය මිනිස් බලය නිර්මාණය කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙම පරිවර්තනය අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි අලුතින් ඉංජිනේරු පීඨ ගණනාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන නිසා සැම විශ්වවිද්‍යාලයකම එම පීඨ ආරම්භ කිරීම සිදු කෙරෙනවා. ඒ වගේම භෞතික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යා පීඨ ඇති කළ යුතුයි. වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර යන නිසා නව වෙද්‍යවරුන් පුහුණු කළයුතුව තිබෙනවා.
මේරට ඉදිරි වසර 75 තුළ ඉදිරියට යන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළහොත් පමණයි. එසේ නොකර ඉදිරියට යන්න බැහැ. ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළත් ලෝකය සමග පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් ආර්ථිකය වැටෙනවා.
අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත, ජාතික පාසල් අධ්‍යක්ෂිකා හෂිනි තලගල, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ආර් දේවබන්දු යන මහත්ම මහත්මීන් ද, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන අනුපා පියතිලක සහ වෙනුකා ගලප්පත්ති, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනි විමලා ලියනගේ, ආදි විදුහල්පතිවරුන් වන ආර්.එම්. ඒ ජයසේකර සහ නන්දා ද සිල්වා යන මහත්ම මහත්මීන් සහ ගුරුවරුන්, ආදි සිසුවියන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-05

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img