Friday, September 27, 2024
21.8 C
Sri Lanka

ඇමති සිරිපාලට ‘බෑ කියා’ උත්තරයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවා තිබෙනවා..

අමාත්‍යවරයා එහි සඳහන් කර ඇති කරුණු අතර අධිකරණ වාරණයක් හේතුවෙන් පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි හෙයින් පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා විධිවිධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී ඇති බව සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ලබන සඳුදා (08) වැනිදා පෙරවරු 10ට එම රැස්විම කැදවන ලෙස හෙතෙම සඳහන් කර තිබුණා.

එම රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් ඊට කැඳවන ලෙසද එම ලිපියේ සඳහන් .

නිමල් සිරිපාල මහතාගේ ලිපියට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන් බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්ව්මට නොහැකි බවත් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාර්ථී දුෂ්මන්ත මහතා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට ලිපියක් යවමින් දන්වා තිබෙනවා.

අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගය තමන්ට මෙතෙක් නොලැබී ඇති ⁣ හෙයින් එම නියෝගය ඇතුළත් කරුණු නොදැන මේ අවස්ථාවේ කටයුතු කිරීමට නීතිමය බලයක් නැති බවද වැඩ බලන මහලේකම්වරයා අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 (සංශෝධිත) ව්‍යවස්ථාවේ 16වගන්තිය අනුව ක්‍රියා කිරීමට තමා නෛතික ව බැඳි සිටින බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img