Sunday, March 22, 2026
27.3 C
Sri Lanka

ඇමති සිරිපාලට ‘බෑ කියා’ උත්තරයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවා තිබෙනවා..

අමාත්‍යවරයා එහි සඳහන් කර ඇති කරුණු අතර අධිකරණ වාරණයක් හේතුවෙන් පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි හෙයින් පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා විධිවිධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී ඇති බව සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ලබන සඳුදා (08) වැනිදා පෙරවරු 10ට එම රැස්විම කැදවන ලෙස හෙතෙම සඳහන් කර තිබුණා.

එම රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් ඊට කැඳවන ලෙසද එම ලිපියේ සඳහන් .

නිමල් සිරිපාල මහතාගේ ලිපියට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන් බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්ව්මට නොහැකි බවත් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාර්ථී දුෂ්මන්ත මහතා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට ලිපියක් යවමින් දන්වා තිබෙනවා.

අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගය තමන්ට මෙතෙක් නොලැබී ඇති ⁣ හෙයින් එම නියෝගය ඇතුළත් කරුණු නොදැන මේ අවස්ථාවේ කටයුතු කිරීමට නීතිමය බලයක් නැති බවද වැඩ බලන මහලේකම්වරයා අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 (සංශෝධිත) ව්‍යවස්ථාවේ 16වගන්තිය අනුව ක්‍රියා කිරීමට තමා නෛතික ව බැඳි සිටින බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img