Friday, March 20, 2026
20.9 C
Sri Lanka

ඉන්දියානු ණය යටතේ ‘පිළිකා රෝගීන්ට දුන්’ බෙහෙත්’ අල්ලන්නවත් හොඳ නැතිලු.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මින් ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නා.

තමන් සපයා ඇති ඖෂධ පරීක්‍ෂා කිරීමට හැකියාවක් නැති බව ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී ඇති තත්වයක් තුළ තමන් සෞඛ්‍ය අමාත්‍යංශයට සපයා ඇති ඖෂධ බාල තත්වයේ බව කියන්නේ කෙසේද? යනුවෙන් බාල ඖෂධ ගෙන්වු බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරිය එසේ කීවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය එසේ සඳහන් කළා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img