Friday, March 20, 2026
22.1 C
Sri Lanka

අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදිවලට අවසර.

අධිධාරිතාවයෙන් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කර තිබෙනවා.

තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ස්තුතිවන්ත වන බවයි ඔහු එහි දක්වා ඇත්තේ.

මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා කළ බවයි එම ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ.

එම සටහන පහතින්

රටේ තාරුණ්‍යය මා හට කළ ඉල්ලීමක් වන අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචි කිරීමේ යෝජනාවට අවසර ලබා දීමට ශක්තියක් වෙමින්, තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාටත්, ගරු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාටත් මා විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි.

මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා කෙරිණි.

තවද, මෙම ඉලක්කය සාර්ථක කර ගැනීමට දායකවූ සැම දෙනාටම මාගේ විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි..

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img